(අංජුල මහික වීරරත්න)
විදේශිකයන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙරටට ගෙන්වා ගැනීමට නම් වෛද්‍ය සංචාරක ව්‍යාපාරය (Medical Tourism) සහ උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ සඳහා සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ නැවත අවධානය යොමු කළ යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
වැඩි වශයෙන් වෛද්‍යවරුන් බිහි කිරීමට නම් තවත් වෛද්‍ය පීඨ මෙන්ම විශ්වවිද්‍යාල ද මෙරට ආරම්භ කළ යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා ශක්තිමත් අනාගතයක් වෙනුවෙන් මෙරට සෞඛ්‍ය සේවා ශ්‍රම බලකාය පරිවර්තනයකට ලක් කරන බව ද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජෝසප් ෆ්‍රේසර් රෝහලේ 100 වන සංවත්සර සැමරුම් උත්සවයට එක්වෙමිනි.
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ආරම්භයේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ ස්කොට්ලන්ත වැවිලිකරුවකු වන ජෝසප් ෆ්‍රේසර් මහතා සහ ඔහුගේ බිරිඳ විසින් සදාකාලික සිහිවටනයක් ලෙස ජෝසප් ෆ්‍රේසර් රෝහල ස්ථාපිත කිරීම ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම පෙන්නුම් කළ අවස්ථාවක් බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
ජෝසප් ෆ්‍රේසර් රෝහලේ 100 වන සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ සමරු මුද්දරය තැපැල්පති පී. සත්කුමාර මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශිකයන්ට සෞඛ්‍ය සේවා සපයන්න කලින් සනීපාරක්ෂක සේවා සපයන්න ක්‍රමය ක්‍රියාත්මක කිරීම වැදගත්.. කිසිම නගරයක හදිසියකට පාවිච්චි කරන්න පුළුවන් වැසිකිළියක් නෑ. ඕනෑම නගරයක බලන්න. අපේ මිනිස්සු හදන ඒවා පවත්වාගෙන යාම නොදන්නාකම ලොකුම අර්බුදය...
හපුයියාගේ කතාව නම් හැමදාම හැමතැනම "දෝලාවෙන්" හැබැයි ගමන හැමදාමත් පයින්...!!! මේ රටේ සෞඛ්‍ය අංශය අඩියටම වැටිලා... රෝගීන්ට අවශ්‍ය බෙහෙත් නැහැ.., දොස්තරලා නැහැ... නමුත් මේ හපුයියාගේ කතාව "මෙඩිකල් ටුවරිසම්" ගැනයි. විදේශික රෝගීන්ව මේ රටට ගෙනැල්ලා ඒ ගොල්ලන්ට ප්‍රතිකාර කරන්න. ලෙඩ බලන්න විශේෂඥ දොස්තරලා ඉන්නවද? ඔවුන්ට දෙන්න බෙහෙත්? අපරික්ෂාවෙන් ලෙඩා මළොත්? ඒවාට අවශ්‍ය වන්දි ගෙවන්න සල්ලි තියෙනවද? රුපියල් නොවෙයි ඩොලර්, යුරෝ?
මේ මිනිහගේ කයිවාරු අහලා එපාවෙලා...
එහෙම කරන්න නම් ලෙඩක් බෙහෙතක් ගන්න රෝහලක යන්න බයවෙන තරමට ලංකාවේ සෞඛ්‍ය සේවය බිංදුවටම දාපු ඔහෙලා රාජපක්ෂලා වගේ අයව මුලින්ම ඔය ඔලු පුටුවලින් එලවලා ඉන්න ඕනේ...
අඩේ ඊට කලින් මේ රට යන දොස්තර ලා නතර කර ගන්න බලාන්. ලෙඩක් හැදෙන්නම ඕන ඕකේ අමාරුව තේරෙන්න. මහ එවුන් නම් ඉවසන් ඉදී ඒත් පොඩි උන් ලෙඩ උනාම දොස්තරලා නැති උනාම මොකද කරන්නේ.
Medical Tourism නව මාතෘකාවක්. මේකෙදි වෙන්නේ විදේශිකයින් තම ලෙඩ රෝග සදහා මේ ලෝකේ තිබෙන ඉහලම ප්‍රථිකාර හා සත්කාර ලබා ගැන්මට ලංකාවට පැමිණීමෙන් ලංකාවේ දුප්පත්කම තුරන් කර ගැන්මට ඩොලර් උපයා දීමයි. මෙසේ ඉහල පෙලේ අංග සම්පූර්ණ වෛද්‍ය ප්‍රථිකාර විදේශිකයින් ට ලබා දෙන්නේ දියුණු රටවලට සාපෙක්ෂව දැනට මිහිපිට අපායන් සේ අටවා ගෙන පවත්වා ගෙන යන ලාංකික රජයේ ලොකු කුඩා රෝහල් වලමද නැතිනම් ඔය කියන , දැක්ක ෆේෂර් වගේ තැන් වලදිද? ඔය සිහින මවන උදවිය හොදින් මතක තබා ගත යුතු කරැණු කීපයක් වේ. සෞඛ්‍ය මානව සම්පත් , සෞඛ්‍ය මානව ගුණ දර්ම අවංක සෞඛ්‍ය සේවය ඉතා ම පහල මට්ටමේ ඇති රටක් ලෙස ලංකාව මෙහි ඇතුලාන්තය තුල හදුනාගත හැක. ඉවක් බවක් නැතිව අටවා ගනිමින් කරගෙන යන ලාංකික රෝහල් පද්ධති අන්තර් ජාතික ප්‍රමිතීන් කිසිදාක අනුගමනය කර නැත. මේ නිසා ලාංකික රෝහල් තුල අභ්‍යන්ගතරය ගව ගාල් , බස් නැවතුම් දුම්රියපොල වල් වැනිය. මෙවැන් ඉන්ඩස්ට්‍රියක් විදේශ විනමයක් සොයා ගැන්මට යොදවා ගැන්මට යෑම තවත් පරම්පරා දහයකට පමණ කල් දමා ගැන්ම අත්දැකීමයි.
අප රටේ පැවතුන ක්‍රමය වූයේ මෙරට MD විභාගය සමත් වූ පසු විශේෂක්ඤ දොස්තර කෙනෙකු ලෙස පිලි ගැනීමට පිලිගත් විදේශ රටක අවම වශයෙන් පුහුණුව ලැබීය යුතූ වීමය. නමුත් GMO එක දේශපාලනීකරණය වීමෙන් පසු එම ක්‍රමය අහෝසිකර ගන්නා ලදී. ඉන්පසුව විදේශ පුහුණුව නොලත් විශේෂක්ඤ දොස්තරලා බිහිවිය. ඔවුන්ගේ දැණුම ලීවේ ඉන්න ගෙම්බන් වැනිය. ඔවුන් ඉගන ගන්නේ අන්තර්ජාලය මගින් හා අසරන ලෙඩ්ඩු කපා කොටාය. එනිසා පලමුව කල යුත්තේ පැරණි ක්‍රමය අනුගමනය කර හෑකි තරම් දොස්තරලාට විදේශීය රටවල රාජකීය ආරෝග්‍ය ශාලාවල පුහුණුව ලබාදීමය.
මේ හාදයා අනුරට දෙවෙනි නැහැ විහිළු සැපයීමෙන්...!