(නිමල කොඩිතුවක්කු)

සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ යෝජනා සළකා බැලීමට විශේෂ කමිටුවක්  පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (19) පියවර ගනු ලැබීය.

ඒ අනුව සෙඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ගේ සහ සෞඛ්‍ය වෘත්තිය සමිති නියෝජිතයින්ගෙන් සමන්විත එම කමිටුව හෙට (20) පස්වරුවේ රැස්වීමට නියමිතය.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද(19) පැවති  විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම කමිටුව පත් කරනු ලැබීය.

මෙම සාකච්ඡාව සදහා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, අතිරේක ලේකම්වරුන් වන ගීතාමනී කරුණාරත්න, වත්සලා  ප්‍රියදර්ශණී, යන මහත්මින් ඇතුලු සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.