(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතාවරයාගේ මැදිහත්වීමෙන් තම ගැටලු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග පැවැත්වූ සාකච්ඡා වල පළමු පියවර සාර්ථකව අවසන් වූ බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි.
ඒ අනුව සෞඛ්‍ය සේවයට අනුබද්ධ වෘත්තීය සමිති 72 ක් එක්ව අද (7) දිනයේ කැඳවීමට තිබූ සංඛේත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය.
තම ගැටලු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකකම්වරයා සමග මුදල් අමාත්‍යාංශයේදී ඊයේ (6) පස්වරු 4.30 ට පමණ මෙම සාකච්ඡා පැවති බවත් වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව ලබාදෙන්නැයි සෞඛ්‍ය වෘත්තිය සමිතිකළ ඉලල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට එහිදී මඳල් අමාත්‍යාංශයේ නියෝජිතයන් කටයුතු කළ බවත් රවී කුමුදේශ් මහතා පැවසීය.
මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී තම ගැටළු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ව්‍යුහාත්මක විසඳුමක් සඳහා නිල කමිටුවක් පත් කළ බවත් ඔහු සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ එම නිල කමිටුව සඳුදා රැස්වීමට නියමිත බවත් ඒ අනුව සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය ලබන අඟහරුවාදා තෙක් තාවකාලිකව අත් හිටුවන බවත් කුමුදේශ මහතා තවදුරටත් කීවේය.
වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය සේවයට අනුබද්ධ වෘත්තීය සමිති 72 ක් එක්ව මෙයට පෙරද අවස්ථා තුනකකදී වර්ජනයක නිරත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඇටෙන්ඩන්ට්ස්ලාටත් රුපියල් 35000ක් දෙනවාද?
කුණු වුණ රටේ පණුවෝ රොත්තක සාකච්ඡා.. මොවුන් අයිති නොවන දේ ඉල්ලන කප්පන් කාරයෝ, මහ එකා මස්කඩ කාරයා. රටේ ජනයා බිල්ල. ජරා හැත්ත...
ඒ අයට දෙනවා නම් ගුරුවරුන්ටත් 35000ක් ඕනෑ...!
මොවුන් ඉල්ලන්නේ තමන්ට අයත් නොවන දෙයක් බැවින්, එය නොදී වැඩ කරන ලෙසට නියෝග කරන්න. ඉන්පසුව යම් දීමනාවක් දෙන්න. ඒ සඳහා එකඟ නොවන්නේ නම් සේවයෙන් ඉවත්කර ඉන්දියාවෙන් තාවකාලික පදනමක් මත සේවකයින් ගෙන්වන්න...!
අන්දන නිසා සූප්පුවක් කටේ ගහලා ගෙදර එවලා වගේ...!
නියමයි .කාටත් 35 ගානේ දීලා ආයිත් ටැක්ස් එකක් ගහන්නම් .එතකොට රාජ්‍ය සේවක නොවන අය හොස්පිටල් එන්න ඕන නේ නිකන්ම මැරිලා යාවි .මේ රටේ ජීවත් වෙන්නේ රාජ්‍ය සේවකයන් පමණි .රාජ්‍ය සේවකයන්ගෙන් රට පුරවා රට දියුණු කරමු .හැම කෙනෙකුටම රජයේ රැකියාවක් .දියුණු රටක්