
(යොහාන් භාසුර)
වෛද්‍යවරු හැර සෙසු සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් අද (13) පෙරවරු 6.30 ට ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතු අකර්මණ්‍ය වී තිබේ.
කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා රෝහල් රැසක කාර්ය මණ්ඩල සේවා සඳහා යුද හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශ සමාජිකයන්ගේ සේවය ගෙන තිබූ අතර ආරක්‍ෂක අංශ සාමාජිකයන්ගේ සහය ඇතිව වෛද්‍යවරු බාහිර රෝගී අංශවල සහ සායනවල රෝගීන් පරීක්‍ෂා කිරීමේ කටයුතු යම් කරමකින් ක්‍රියාත්මක කළහ.
ඇතැම් රෝහල්වල වෛද්‍යවරු රෝගීන් රෝද පුටුවේ තබා තල්ලු කරගෙන යන අවස්ථා ද දැකිය හැකිවිය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
GOMA එක රටේ ත්‍රස්තවාදි සංවිධානයක් ලෙස සලකා තහනම් කල යුතුයි. මොකද රටෙ තියෙන තත්වයවත් නොසලකා, අනිත් වෘත්තිකයන්ට විශාල අසාධාරණයක් සිදු කර, රටේ නැති ප්‍රශ්න ඇති කරන, තමන් ගැන පමනක් සිතන මෙවැනි සංගම් තමා රටට ලොකුම හෙනෙ. රටේ අනිකුත් සියලුම වෘත්තිකයො හැමොටම දෙන 10000 ක වැඩිවීම මෙ අසීරු අවස්තවෙ පිලි ගත්ත. GOMA ට විතරයි බැරි උනෙ.
පොල්ලට ලොකු වලං තියෙන්ට බෑ සරලයි, පඩි මදිනම් වෙන රැකියාවක් හොයාගන්න එකනෙ තියෙන්නෙ, නම්බුව තියාගෙන. රැකියාව නැති වෙලා හිගමනයට පත් වුනාම තමා රැකියාවෙ වටිනාකම දැනෙන්නෙ.එදා වේල හොයා ගන්න බැරි කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද? JR හරි කියලා හිතෙනවා. මුන්ව හුරතල් කරලා වැඩක් නෑ.