
(අජන්ත කුමාර අගලකඩ)
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ලබන මාසයේ විශ්‍රාම යාමට නියමිතව ඇති බැවින් සෞඛ්‍ය ලේකම් ධුරය සඳහා දැඩි තරගයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සහ අතිරේක ලේකම්වරියක වන ලක්ෂ්මි සෝමතුන්ග මහත්මිය අතර මෙම තරගය නිර්මාණය වී ඇති බවද පැවසේ.
මේ අතර ,සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත මහතා ද තවත් වසරක කාලයක් එම ධුරයේ රැඳී සිටීමට උත්සාහ දරමින් සිටින බව දැනගන්නට ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරය සදහා හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයකු මෙන්ම පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරුන්ගේ නම් ද සෞඛ්‍ය ලේකම් ධුරය සඳහා වෛද්‍යවරුන් පිරිසක් විසින් යෝජනා කරන ලැබ ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්‍ය අමාත්‍යවරයා ලේකම්වරයා ලෙස සුදුස්සා වෛද්‍ය අනිල් ජාසිංහ ඔහුගේ සේවා කාලය තුල නිසියාකාරව රාජකාරිය ඉටුකල කෙනෙක් නිසා ඔහුව පත්කිරිමයි රජය ගතයුතු හොදම තින්දුව වන්නේ
සේවා පලපුරුදු කාලය, අඩ්යාපනික සහ වෘර්තිය සුදුසුකම් අනුව පත් කලයුත්තේ කාවද කියන එක තීරනය කරන්න අමාරුද????
මෙහි නම් කියැවෙන හතර දෙනාම සැබෑ දක්ෂයින්, ඔවුන් අතරින් කවුරු පත්වුණත් සෞඛ්‍යයට හොඳයි. නමුත් පිටින් වෙනත් පැරෂුට් කරුවෙක් ගොඩ බසින්නත් ඉඩ තියෙනවා.