
(මනෝප්‍රිය ගුණසේකර)
ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන කරද්දී පිළිකා රෝගී්න් සඳහා භාවිතා කරන ‘රිටොක්සිනන්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රුපියල් කෝටි 11 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක්ද අනාවරණය වී ඇතැයි පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (29) දැනුම් දුන්නාය.
ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හළ ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගම විසින්ම මෙලෙස පිළිකා රෝගී්න් සඳහා භාවිතා කරන ‘රිටොක්සිනන්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රුපියල් කෝටි 11 කට ආසන්න මුදලක් වංචා කොට ඇති බව හෙළිව ඇතැයි දැනුම් දුන් ලක්මිණී ගිරිහාගම මෙනවිය අදාළ රුපියල් කෝටි 11 කට ආසන්න මුදල සමාගමට මුදා හරින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා ඔහුගේ අත්අකුරින් ටෙන්ඩර් පත්‍රිකාවේ පෞද්ගලිකවම සටහනක් යොදා ඇතැයිද දැනුම් දුන්නාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව අධිකරණයේ පෙනී සිටින ලෙසට කළ නියමය අනුව අධිකරණට නොපැමිණී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට එරෙහිව වරෙන්තු නිකුත් කරන්නැයි පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය වහාම ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට නියම කරමින් ඒ සඳහා වරෙන්තුවක්ද නිකුත් කළාය.
පැමිණීල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කොට සිටින බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු මහතා” වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා එහි සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන් මහත්මිය” ගණකධිිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර නමැති මහත්ම මහත්මීන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
සිද්ධියට අදාළව කළ විමර්ශනවලදී අනාවරණය වු කරුණු මත අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් පස්දෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් ඔවුන් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන පිටු 07කින් යුත් වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත මහතා සමඟ පෙනී සිටි උප පොලිස් පරීක්‍ෂක යාළේවත්ත මහතා අධිකරණයට අධිකරණයට ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලාවට මේක උසාවියට මාට්ටු උනේ .CID එකෙන් පරීක්ෂණ කොරානම් මෙලහකට මුන් ටික නිදහස් වෙලා ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට තව බෙහෙතුත් ගෙනහල්ල මෙලහකට
ඇමතියට ගානක් ගිහින් නැතිද ?
මේ වගේ පව්කාර වැඩ වලට සම්බන්ධ හැම එකාටම සාප වේවා . .උන්ටත් ස්වබාව ධර්මයෙන් හෝ වින්දවලාම මැරෙන්ඩ දණ්ඩුවම් ලැබේවා .
ඒ කියන්නෙ තම තමන්ගෙ හත්මුතු පරම්පරාවෙ උන්ට පිළිකා වයිරසය එන්නත් කර ගත්තා කියලා තමයි කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ කියලා ටිකින් ටික ඔය වයිරසය උන්ගේ පරම්පරාවෙ උන්ට විදවන්න හේතුවක් වේවි අපේක්ෂා රෝහලේ රෝගීන් විදින දුක දැකපු කෙනෙක් නම් තමන්ගෙ හතර වරිගෙටම ශාප වෙනවා කියලා දන්න කෙනෙක් කිසිදාක ඔහොම දේවල් කරන්නෙ නැහැ කරත්තෙ අඅදින ගොනා පසුපස කරත්තෙ රෝද කැරකෙමින් එනවා වගේ ඔය ශාපය උන්දැලා පසුපසින් පැමිණීම වයිමටවත් නවතන්න නම් බැහැ
මෙවැනි වැරදි කරලා ලේසියෙන් ගැලවිලා යන්න පුළුවන් බව දන්නා නිසා දිගින් දිගටම නිලධාරියෝ හොරකම් කරනවා , කෝප් කමිටුවේදී පමණක් කොපමණ හොරකම් එලි වෙනවද නමුත් ඔවුන්ට විරුධව නිතිය ක්‍රියාත්මක කරන්න නිසි ක්‍රමවේදයක් නැහැ
මෙය සිදු වූයේ අරාබි රටක නම්, ඔවුන්ට මරණ දණ්ඩනය නියම වේ. මේ හොරුන්ට මරණ දඩුවම දිය යුතුයි
එන්න, අපි 225ට පමණක් දෙස් දෙවොල් තබමින් අපේ පණ්ඩිතමානී බව සහ දේශපාලන බංකොලොත් භාවයත්, ඒ ඒ පක්ෂවල ඇති අන්ධ භක්තියත් ප්‍රදර්ශනය කරමු. අපට විරුද්ධ අදහස් ඇති දේශපාලන පක්ස වලට, ඒවායෙහි නායකයනට අම්ම මෝ නැතිව කුණුහරුපෙන් බනිමු. වයිර කරමු. ක්‍රෝධ කරමු. අපේම ලේ පුච්චා ගනිමු.