
(ශාන්ත රත්නායක)
නව රජයේ සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (13)කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේදි රාජකාරි ආරම්භ කළාය.
එහිදි අමාත්‍යවරිය රාජකාරී ලිපියකට අත්සන් තබමින් එම අමාත්‍යංශයේ වැඩ භාරගත් අයුරු ඡායාරූපයේ දැක්වේ.
රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි,මහචාර්ය චන්න ජයසුමනඅමාත්යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගීව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමිය වැඩ බාරගන්න කොලේ අත්සන් කරනකොට අනික් උදවිය වැඳගෙන ඉන්නේ ඇයි...?
මෙතරම් මිනිසුන් වඳින ජාතියක් ලොව තවත් සිටීද? අළුත් ආණ්ඩුවේ නව පත්වීම් ඉදිරියේ වැඩියෙන්ම අපි දැක්කේ වැද නමස්කාර කිරීම්ය. දේශපාලන වශයෙන් මංගල සමරවීර මහතා අපි පිළිනොගත්තත් ඔහුගේ ඇතැම් ප්‍රකාශ ඉතා නිවැරදියි. කුඩා කල සිටම දරුවන් මේ තත්ත්වයට හුරුකර ඇති බව ඔහු විසින් ප්‍රකාශ කර ඇත. වැඩවසම් යුගයේ රාජාණ්ඩු යටතේ රාජකීයන්ට වැඳ නමස්කාර කරන වගේ තත්ත්වයක් අද අපි දකිමු.