
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ සෞඛ්‍ය, පෝෂණය සහ ජනගහනය පිළිබඳ කළමනාකරු වෛද්‍ය Feng Zhao මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.
මෙරට ක්‍රියාත්මක වන නිදහස් සෞඛ්‍ය සේවාවේ වත්මන් තත්ත්වය පිළිබඳවත්, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධනය උදෙසා ලෝක බැංකුව මගින් මෙතෙක් ලබා දුන් සහ ඉදිරියට ලබාදෙන දායකත්වය, සහයෝගය සහ ප්‍රදානයන් පිළිබඳව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් ජනතාවට ගුණාත්මක, විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබාදීමට රජය ගෙන යන වැඩපිළිවෙළ මෙන්ම මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට නව රජය ගෙනයන විශේෂ වැඩපිළිවෙළ පිළිබඳව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී ලෝක බැංකු ආසියානු කලාපයේ සෞඛ්‍ය, පෝෂණය සහ ජනගහනය පිළිබඳ කළමනාකරු වෛද්‍ය Feng Zhao මහතා ඇතුළු නියෝජිතයින් දැනුවත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd