
(යොහාන් භාසුර)
රජය වාහන ආනයනය තහනම් කිරීමෙන් පසු පසුගිය වසරේ ආනයනය කළ සුඛෝපභෝගී වාහන 300 කට අධික සංඛ්‍යාවක් වරාය තුළ ඇති බවත් එම වාහන සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය.
මෙම වාහන සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග විමසා රේගු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යංශයෙන් ලිපියක් යොමුකර ඇති අතර මුදල් අමාත්‍යංශයෙන් ඒ සඳහා මේ දක්වා පිළිතුරක් ලැබී නොමැත.
පසුගිය වසරේ (2020) මාර්තු මස ‘කොරෝනා’ ව්‍යාප්තිය ආරම්භ වීමත් සමඟ වාහන ආනයනය තහනම් කිරීමෙන් පසුව මෙරටට ගෙන්වන වාහන වීම නිසා නීතියට පටහැනිව ආනයනය කර ඇති බවත් ඒ හේතුවෙන් එම වාහන රාජසන්තක කරනවාද නැද්ද යන්න පිළිබඳව රේගුව විමසා තිබේ.
මෙම වාහනවලින් වැඩි සංඛ්‍යාවක් ජපානයෙන් සහ බි්‍රත්‍යානයෙන් බලපත්‍ර ක්‍රමයට ආනයනය කළ ඒවා වන අතර එම වාහන වසරකට වැඩි කාලයක් වරායේ තිබීම හේතුවෙන් විනාශ වීමේ අවදානමකට පත්ව තිබේ.
මෙම වාහන රුපියල් කෝටි 1000 ක පමණ වටිනා බවත් විනාශ වීමට ඉඩ හැරීම අපරාධයක් බවත් වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම රථ බලපත්‍ර ක්‍රමයට ගෙනා ඒවා නම්, ඒවා එම සහනය ඉවත්කර සාමාන්‍ය පරිදි බදු ගෙවීමටත් අනෙක් වාහන වලට ගෙවිය යුතු බදු මුදලට අමතරව තවත් 50% ක දඩ මුදලක් අයකර ගෙන නිදහස් කිරීම වඩාත් සුදුසු වේ.
ඔය වාහන ටික පිට රටවල් ව්ලාට විකුනලා ඒ ලබන ඩොලර් වලින් පොඩි සහනයක් මිනිස්සුන්ට දෙන්න බැරිද?
අනිවාර්යයෙන්ම මේ වාහන පිටිපස්සෙත් මොකක් හරි ජිල්මාට් එකක් ඇති. ඇයි රාජසන්තක කරලා, ප්‍රසිද්ධ වෙන්දේසියක විකුණලා, රජයට ආදායමක් ගන්න බැරි. එහෙම කරන එක කල් මැරීමෙන් පේන්නේ මේ වාහන ගෙන්වල තියෙන්නෙත් ආණ්ඩුවේම අය සහ ආණ්ඩුවට සම්බන්ධ අය බවයි.
රජයේ ආයතනවල වැඩ මෙහෙම තමා.
ඔව් මෙම වාහන විනාශ වීමට ඉඩ හැරීම ලොකු අපරාධයක්, එහෙයින් මෙම වාහන ටික වහාම නිදහස් කර රට වෙනුවෙන් දිවි පරදුවට ඉතාමත් කැප කිරීමකින් පාර්ලිමේන්තුවේ ලැඟන් ඉන්න උදවියට හා සට්ටැඹිකම් කරන උදවියට වහාම ලබා දෙන්න.
මේවා හෙන ගහන අපරාධ .මෙලෝ රහක් නැති ආණ්ඩුවක්