
(මනෝප්‍රිය ගුණසේකර)
සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා මහජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් තැන්පතු වශයෙන් වංචනිකව ලබා ගැනීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට එරෙහි නඩුව ජුලි මස 19 වැනිදා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබඳි මහතා අද (18) තීරණය කළේය.
සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා මහජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් තැන්පතු වශයෙන් වංචනිකව ලබා ගැනීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට එරෙහි නඩුව කැඳවුනු ලැබු අවස්ථාවේදී ඉදිරිපතත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස තීරණය කළේය.
නඩුව කැඳවනු ලැබ අවස්ථාවෙදී විත්තිකාර සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ අධිකරණයේ පෙනී සිටියහ.
මුලින්ම මෙම සිද්ධියට අදාළව සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙකනුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබු අතර පසුව ඉන් විත්තිකරුවන් 09 දෙකු නීතීපතිවරයාගේ උපදෙස් මත නිදහස් කෙරිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසෙකුට ජිවිතයේ වැරැද්දක් හෝ වැරදි ප්‍රපංචයක් සිදුකලද ඔහු හෝ ඇය තමන් සතු හැකියාවන් නිසි ලෙස හදුනාගෙන උඨ්ඨාන විර්යයෙන් නිවැරැදි දේ පමණක් නැවත නැවත සිදු කරමින් නිවැරැදි මාර්ගයේ ගමන් කිරිමට මෑත කාලීන හොඳම උදාහරණය මොහුයි.
උට්ඨාන වීරියෙන් මුළු රටම හොරා කාපු මිනිහෙක්. මම බේරුනේ අනු නමෙන්, මෙයාගේ දේපොළ වෙළඳාම් එකෙන්. මාලබේ පැත්තේ ගෙයක් ගන්න ගියා. දැකල කතා කරපු ගමන්ම තේරුණා ලෝක අන්ඩයා කියල. ඒකාලේ උගන්නපු ඉංග්‍රීසිත් වැරදියි. මේ වැරදි ඉංග්‍රීසි රුපවාහිනී වැඩ සටහන් වලත් තිබුනා අර ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඔස්තාර් එක්ක.
එතකොට මූ ළඟ සල්ලි දාපු පස්ස පැත්තේ අමාරුකාරයන්ට මොකද වෙන්නේ??????
ටියුෂන් තමයි මොහුගේ රක්ෂාව. අති විශාල ආදායමකුත් ඒ රස්සාව මගින් ලැබුනා. මිනිසුන් මුලා කරමින් හොර පොලීකාරයෙක් නූනත් සැපට ජීවත් වෙන්න ඒ ආදායම ප්‍රමානවත් වුනා. ඉතින් හොරෙක් හැටියට හිරේ ගිය මොහු හොඳින්ම දන්නවා නිදහස් වෙලා නිදහස් වෙලා එළියට ගියාම ආයෙම පටන් ගන්න ඕන සුපිරි ආදායමක් තියෙන ඒ රස්සාව බව. ඒ නිසා එහෙම වුනා කියලා ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඔහු සියලු කිළි කුණු හෝදාගෙන හොඳ මිනිහෙක් වුනා කියලා. තමන් දැනට උපයන කෝටිගානක ආදායමෙන් සේවක පඩි ගෙවලා ජීවත් වීමට ප්‍රමානවත් පඩියක් තමනුත් අරගෙන තවදුරටත් බොරුව නැතිව ඉතිරි මුදල් පෙනෙන ලෙස ප්‍රසිද්ධියේ ණයකරුවන්ට දැමිය යුතුයි. එතකොට තමයි ඔහු නිසා මිය ගිය දුකට වැටුනු සියදිවි නසා ගත් මිනිසුනට යම්තමින් හෝ යුක්තිය ඉටු කළා වෙන්නේ