(ඉන්දිකා රාමනායක)
අබලන් බහුදින යාත‍්‍රාවකින් නිති විරෝධි ලෙස මුහුදු මගින් ඕස්ටේ‍්‍රලියාව බලා යාමටත් උත්සහ කළ මෙරට සංක‍්‍රමනිකයන් 35 දෙනෙකු නාවික හමුදාව පානදුරට ඔබ්බෙන් වු මුහුදු ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
මෙම පිරිස අතර පිරිමි පුද්ගලයන් 25 දෙනකු, කාන්තාවන් 04 දෙනකු හා කුඩා දරුවන් 06 දෙනකු සිටි බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
නාවික හමුද පෙරේදා සවස් කාලයේ පානදුරට ඔබ්බෙන් වු මුහුදු ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු බහුදින යාත‍්‍රාවක් නිරීක්ෂණ වී ඇති බවත්, එය නවත්වාගෙන වැඩිදුරටත් සොදිසි කිරීමේ දී එහි සිටි මෙම සංක‍්‍රමනිකයන් පිරිස අත්අඩංතුවට ගත් බවද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
මෙම යාත‍්‍රාව නාවික හමුදාව වැඩිදුරටත් පරීක්ෂා කිරීමේ ද එහි එංජිමේ කාර්මික දේෂයක් නීරීක්ෂණ වු බවත්, මෙම යාත‍්‍රාව දීර්ඝ මුහුදු ගමනකට කිසිසෙත් නොසුදුසු තත්වයේ තිබු එකක් බවද නාවික හමුදාව පවසයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සංක්‍රමණිකයෝ 35 පානදුර මුහුදෙන් මාට්ටු
pakeer Friday, 24 June 2022 02:54 PM
ආණ්ඩුව වක්‍ර ආකාරයෙන් හෝ සහාය දෙන්න ඕනේ..., මේ මිනිස්සුන්ව ඕස්ට්‍රේලියාවට යවන්න. කවුරුහරි කමක් නැහැ. මේ අපායෙන් එළියට යනවා නම්..