(ඩයනා උදයංගනී)
රාජ්‍ය සේවකයන් සඳහා සිකුරාදා දිනය නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව රාජ්‍ය සේවකයන් රාජකාරියට පැමිණිය යුතු දින ගණන සතියකට දින 4ක් දක්වා අඩුවන බව ඇමතිවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වන යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ඇමතිවරයා කීවේය.
රටේ පවතින ඉන්ධන හා මූල්‍ය අර්බුදය හේතුවෙන් මෙම පියවර ගන්නා බව ද දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ අදට (5) යෙදෙන ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව මාදිවෙල කේතුමතී විහාරස්ථානයේ දී පැවති මී පැළ බෙදාදීමේ හා රෝපණය කිරීමේ අවස්ථාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් ප්‍රශ්නයට කදිම විසඳුමක් නොවේ... රජයේ කාර්යාල සියල්ලම සම්පූර්ණයෙන්ම වසා දැමුවා නම් වඩාත් හොඳයි. හොඳින් තිබූ රටකට ගිය කලක්...
එතකොට පවුද්ගලික අංශයේ රජයට සපයන සේවාවන් එදිනට සැපයිය යුත්තේ ඔවුන්ගේ ගෙදර ගිහිල්ලද? මේවත් පොඩ්ඩක් හිතලා තීන්දු තීරණ ගන්න. මේ හැම දෙයක්ම එකකට එකක් සම්බන්ධයි.
මේ ආර්තික අාදයෙන් ගොඩ එන්න නම් සියලු දොම එකතුවො මහන්සි වොලා ැඩ කරන්න ඔනෙ. සිකුරාදා කන්තොරු වහල ගෙදර හිටිය කියල රජයෙ ක් ඉස්සරහ තිබෙන පොලිම් අඩු වෙයිද? මිනිස්සුන්ගෙ ප්‍රශ්න අඩු වෙනවද? මෙවනි ගොබ්බ ඇමතියො ැලපෙන්නෙ ගොබ්බ් වගෙ ගොබ්බ රජෙකුට මිසක වෙන ාටවත් නොවෙ , ඉස්සර මම රණසිංහ ප්‍රේමදාසට විරුද්වධව උද්ගෝශන වලට සහභගි වුනත් , බිත්වල ඔහුට විරුද්ව අගුරුකලි වලින් කුනු හරුපෙන් ැනල ලිවත් , දැන් මට හිතෙනව ඔහු රට පලනය කලා නම් අපට මෙහෙමෙම වෙන්නෙ නැැ කියල , ඔහු අවානය දක්වා ැරෙන්න හරි එලියටබැහැල ජනාව සමග පාරට බැස්ස, කර්මන්ත වවෘර්ත කල , මෙ වගෙ මන්දිරවල බයේ ැන්ගිල හිටියෙ නහ. උදේ 4 ටනැගිටල වැඩ කල , වියපෘති කෙරෙන ස්ථාන වලට ගොස් පුද්ගලිකවම සොයා ැලුව , ඔහු යට් සිටි ඇමතිලත් මහන්සිවො කලට වෙලවට වඩ කා , එම කලයෙ රටේ යුද්ධ්ධ 2ක් තිබුනත් , අපි මෙවගෙ පොලිම් වල බඩගින්නෙ හිටියෙ නැහැ.
කී දෙනාටද මේ විදියට වැඩ කරන්න පුලුවන්. උදාහරණයක් විදිහට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පුලුවන්ද මේ කථාව. තව ආරක්ෂක අමාත්‍යාංශය, ආගමන විගමන වගේ. මහජන සේවා අපයන කොට පින්පඩි ගෙවනවාට වඩා වන්දි ගෙවා සේවය අවසාන කිරීම හොඳ නේද.....
අනේ, ඒකනිසාද විදුලි සංදේශ බද්ධ වැඩිකළේ..! .
ඉස්සර දින පහ හමාරක් කරපු රාජ්‍ය සේවය පසුව දින 5කට බැස්සා. එය කාර්යාල හා ගුරු සේවයේ අයට පමණක් තිබුණු නීතියක් වුණා. ක්ෂේත්රයේ අයට දින එකක් හෝ දෙකයි, අනෙක් දින ගෙදරට වෙලා සිටිනවා. අලුතින් දින හතරක් කළාම අනාගතයේ රජයේ සේවයට එන අය දින 4ක් සේවයේ ඉන්න අවසර ඉල්ලා වර්ජනය කරාවි.. පේනවා නේද? රාජ්‍ය භාෂා විභාගයට රජයෙන් නොමිලයේ උගන්වන්න කියන අපූරුව. පාසැලේදී හරියට ඉගෙනුම නොලබා සේවයේ කොන්දේසි ඉටුකිරීමට රජයෙන්ම උගන්වන්න කියනවා. මේ නිසා මෙහෙම කරන්නේ තාවකාලිකව බව චක්‍රලේඛය මගින්ම කියන්න...!
ඔන්න රට කරන හැටි. කියන්නේ නම් මහ ලොකු කතා. ඉන්ධන ටිකවත් දෙන්න බෑ.
දැනටම වැඩට ගිහිල්ල රජයේ සේවක රැල කරන හරිය පේනව. ජරාව නැතිව මොනම දෙයක්වත් නොකෙරෙන තැනට ගෙදර ඉඳන් ජරාව කෑමයි බෝ කිරීමයි වර්ධනය කරයි වගාව කොහොම වෙතත්... පුලුවන්ද අතිරික්ත සේවකයන්ව වන්දි ගෙවා ඉවත්කරගන්න.......