(ඉන්දිකා රාමනායක)
බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් හි අද (16) රඟදැක්වීමට නියමිතව තිබු “ සාකුන්තලය” වේදිකා නාට්‍යයේ නාට්‍ය ශිල්පීන්ගේ රංග වස්ත්‍ර හා රංග භාණ්ඩ සහිත රතුපාට ගමන් මල්ලක් (සූට්කේස්) එකක් කිසියම් පුද්ගලයකු ඊයේ (15) පස්වරුවේ සොරාගෙන ගොස් ඇතැයි එහි ආරංචි මාර්ග පවසයි.
මෙම සොරකම් පෙරේදා පස්වරු 3.00-4.00 අතර කාලයේ සිදුව ඇති බවත්, කිසියම් පුද්ගලයකු එහි පිරිශ්‍රයේ සිට මෙම සූට්කේසය බොරැල්ල ෆෙයාෆීල්ඩ් උදයානය හරහා ඇදගෙන යනු අසල සී.සී.ටී.වී කැමරාවල සටහන් වී ඇති බව එහි ආරංචි මාර්ග පවසයි.
බොරැල්ල පොලිසි කණ්ඩායමන් ද පෙරේදා පස්වරුවේ පුංචි තියටර් වෙත ගොස් විමර්ශන ආරම්භ කර ඇත.
මේ හේතුව නිසා අද පස්වරුවේ රංග දැක්වීමට නියමිතව තිබු සාකුන්තලය වේදිකා නාට්‍ය දින නියමයකින් තොරව කල් දැමීමට එහි සංවිධායක කමිටුව පියවර ගෙන ඇත.
මෙම සොරකම සිදුකළ සැකකරු සම්බ්නධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.
මෙම භාණ්ඩ සම්බන්ධයෙන් හෝ සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පුංචි තියටර් වෙත දැනුම් දෙන ලෙසට සංවිධායක කමිටුව ඉල්ලා සිටියි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.