(ඉන්දිකා රාමනායක)
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවෙකුට ලබා දීම සදහා රැගෙන විත් තිබු බත් පාර්සලයක මස් කැබලි තුළ සුක්ෂම ලෙස සගවා තිබී අයිස් යැයි සැකකළ හැකි මත්ද්‍රව්‍ය පැකට් 04 තිබී සොයාගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාරගත සිර සහ සැකකරුවන් බැලීම සදහා පිටතින් රැගෙන එන ලද ආහාර බොරුලල වෙස්ලි විදුහල අසල මුරපොළේ දී උපක්‍රමික බලකායෙහි නිළධාරින් විසින් සොදිසි කිරිමේදී බත් පාර්සලයේ තිබී මෙම අයිස් මත්ද්‍රව්‍ය පැකට් සොයාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන පුනරුත්තාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
බන්ධනාගාරය තුළට තහනම් භාණ්ඩ රැගෙන ඒමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අදාල සැකකරු හා තහනම් ද්‍රව්‍ය ඉදිරි නීතීමය කටයුතු සදහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කර ඇති බවද මහතා සඳහන් කළේය .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරයෙන් ද, විමර්ෂණ කටයුතු සිදු කරන බවද ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd