
(ගයාන් සූරියආරච්චි)
බෙලිඅත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රදවා සිටි සැකකරුවකුගෙන් ගංජා සුරැට්ටු 3 ක් ලබාගෙන පානය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසියේ සැරයන්වරු තිදෙනකුගේ සහ කොස්තාපල්වරුන් දෙකක් ඇතුළු 5 දෙනකුගේ වැඩ තහනම් කර ඇති බව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ගංජා ග්‍රෑම් 50 ක් ළග තබාගෙන සිටි පුද්ගලයකු බෙලිඅත්ත පොලිසිය විසින් ඉකුත් (8) අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රදවා සිටි සැකකරු තදින්ම ගංජා පානයට ඇබ්බැහිවූවකු බවත් එම සැකකරුගේ සිර මැදිරිය තුළ ගංජා මිලිග්‍රෑම් 280 ක් සහ ලයිටරයක් සොයාගෙන තිබූ බවත් තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පැවැසීය.
එම විෂමාචාර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න මහතාගේ අධීක්ෂණය යටතේ එම සැරයන්වරුන්ගේ සහ කොස්තාපල්වරුන්ගේ වැඩතහම් කර තිබේ.
තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව සහ බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සූදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත. මෙයින් ඔවුන් කරන්නේ රජයට සහ රාජපක්ෂ කල්ලියට විරුද්ධ කමෙන්ට් සහ පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහ රාජපක්ෂ කල්ලියට සහයෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද, FACEBOOK, INSTRA , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහ GROUP භාවිතා කරමින්ද රජයට සහ රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි. මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වනබව පෙන්වාදෙයි. පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු. මේ පිළිබඳව ඔබගේ පවුලේ උදවිය සහ මිතුරන් දැනුවත් කරන්න.