IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සැකකරුගේ ගංජා බිව්ව පොලිසියේ 5කගේ වැඩ තහනම්

(ගයාන් සූරියආරච්චි)

බෙලිඅත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රදවා සිටි සැකකරුවකුගෙන් ගංජා සුරැට්ටු 3 ක් ලබාගෙන පානය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසියේ සැරයන්වරු තිදෙනකුගේ සහ කොස්තාපල්වරුන් දෙකක් ඇතුළු 5 දෙනකුගේ වැඩ තහනම් කර ඇති බව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

ගංජා ග්‍රෑම් 50 ක් ළග තබාගෙන සිටි පුද්ගලයකු බෙලිඅත්ත පොලිසිය විසින් ඉකුත් (8)  අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රදවා සිටි සැකකරු තදින්ම ගංජා පානයට ඇබ්බැහිවූවකු බවත් එම සැකකරුගේ සිර මැදිරිය තුළ ගංජා මිලිග්‍රෑම් 280 ක් සහ ලයිටරයක් සොයාගෙන තිබූ බවත් තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පැවැසීය.

එම විෂමාචාර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න මහතාගේ අධීක්ෂණය යටතේ එම සැරයන්වරුන්ගේ සහ කොස්තාපල්වරුන්ගේ වැඩතහම් කර තිබේ.

තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (1)

සැකකරුගේ ගංජා බිව්ව පොලිසියේ 5කගේ වැඩ තහනම්

BITTER TRUTH Thursday, 09 May 2024 03:57 PM

ආණ්ඩුව සහ බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සූදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත. මෙයින් ඔවුන් කරන්නේ රජයට සහ රාජපක්ෂ කල්ලියට විරුද්ධ කමෙන්ට් සහ පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහ රාජපක්ෂ කල්ලියට සහයෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද, FACEBOOK, INSTRA , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහ GROUP භාවිතා කරමින්ද රජයට සහ රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි. මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වනබව පෙන්වාදෙයි. පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු. මේ පිළිබඳව ඔබගේ පවුලේ උදවිය සහ මිතුරන් දැනුවත් කරන්න.

:       4       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site