
(ඉන්දිකා රාමනායක)
හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත පූජාපිටිය පොලිසියේ රඳවා සිටි සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
මෙලෙස පලා ගොස් ඇත්තේ පූජාපිටිය බටගල්ල ප්‍රදේශයේ පදිංචි (27) හැවිරිදි සැකකරුවෙකි.
මෙම සැකකරු ඉකුත් 26 දින හෙරොයින් මිලි ග්‍රෑම් 3000 ක් සන්තකයේ තබාගෙන සිටීමේ වරදට පූජාපිටිය පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝජ්‍ය ලබාගෙන පොලිස් ස්ථානයේ රඳවාගෙන සිට ඇති බව පොලිසිය පවසයි.
සැකකරු රඳවා සිටි සිරමැදිරියේ ජල පහසුකම් නොමැති බැවින් ඔහුට ස්නානය කිරීම සඳහා පොලිස් පරීක්ෂකවරයා ඊයේ (31) පස්වරුවේ ඔහු පොලිසිය පිටුපසට රැගෙන යන ලෙසට පොලිස් කොස්තාපල්වරයාට දැනුම් දී ඇති බව පොලිසිය සඳහන් කරයි. එහිදී සැකකරු පළාගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නැහැ .ලැබෙන පඩිය වගේ හතර පස් ගුණයක ගතමනාවක් දීලා ඇති පැනලා යන්න සැලැස්වූවාට