
(ගයාන් සූරියආරච්චි)
පොලිස් සිරමැදියේ රදවා සිටි සැකකරුවකු ඉන් පිටතට ගෙන ප්‍රකාශයක් සටහන් කරගැනීමට යාමේදී සැකකරු විසින් එහි සිටි කොස්තාපල්වරයකුගේ බෙල්ල මිරිකා කම්මුල සපා කෑම හේතුවෙන් කොස්තාපල්වරයා තුවාල ලබා මොනරාගල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මොනරාගල පොලිසිය පවසයි.
සංගීත ප්‍රසංගයකදී බීමතින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන මොනරාගල පොලිසියේ සිරමැදිරියේ රදවා සැකකරුගෙන් ප්‍රකාශයක් සටහන්කරගැනීමට යාමේදී එම සිද්ධිය සිදුවී ඇති බව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ මොනරාගල හුලංදාව ප්‍ර දේශයේ පදිංචි 26 ක පුද්ගලයකු බව පොලිසිය කියයි.
එහිදී සැකකරුගේ ග්‍රහණයෙන් කොස්තාපල්වරයා මුදවාගැනීම සදහා පොලිසියට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවූ අතර එහිදී කාර්ය භාර නිලධාරියාගේ මේසය මත තිබූ වීදුරුවකට සැකකරු අතින් පහරදීම හේතුවෙන් සැකකරුගේ අතට තුවාල සිදුවී ඇත බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැකකරු කොස්තාපල්ගේ මූණ හපාකාලා
SUJI Sunday, 19 May 2024 02:32 PM
ඔය පොලිස් කාරයෝ මොන පාර්ට් දැම්මද දන්නේ නෑ ඔය කොල්ලාට...? හැම එකාම ඉවසන් ඉන්නේ නැතෝ..!.
Krishan Sunday, 19 May 2024 05:34 PM
මුලින්ම හොයන්න ඕනෑ පොලිසියේ අය ඔය තරුණයාට කලේ මොනවද කියලා මිනිහාට විකාරද? ඕඅයිසි ගේ විදුරුවට ගහන්න පොලිසිය අත කපන්න ඇති අපි නොදන්න ශ්‍රීලංකා පොලිස් දැන් ලංකාදීප Online වාර්තා අනුව පේනවා අයිස්, ගංජා ගහන්නේ කවුද එවා විකුණන්නේ කවුද කියලා පැහැදිලිව ඒ ශ්‍රී ලංකා පොලිස් වෙන කවුරුත් නෙමෙයි...