
(කේ බුද්ධික කුමාරසිරි සහ ශාන්ත කුලරත්න)
තමන්ට අයත් ඉඩම් කොටස් තුනක් සදහා වෙනත් අයකු ව්‍යාජ ඔප්පුවක් සාදා ඇති බවට සිදුකළ පැමිණිල්ලකට හෝමාගම විශේෂ විමර්ශන ඒකකය වෙත සාක්ෂි ලබා දීමට පැමිණ යළි නිවස බලා යමින් සිටි පුද්ගලයකුට අද (08) දහවල් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ දී කඩුවකින් පහර දී බරපතල තුවාල සිදුකර පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
බරපතල තුවාල ලැබූ අදාල පැමිණිලිකරු ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇත.
මත්තේගොඩ කිතුලවිල පාර ප්‍රදේශයේ පදිංචිකරුවකුට මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd