
(සුජිත් හේවාජුලිගේ)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව හැටදහසක් දක්වා ඉහළ ගොස් ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
සම්පත් ගැටලු හේතුවෙන් එම පැමිණෙන විභාග කිරීමට බාධා මතුව ඇති බවත් එහි පැමිණිලි ප්‍රමාණය අඩු කරගැනීමට කටයුතු කරගෙන යන බවත් ඔහු සඳහන් කළේය.
ජනතාවට සිය පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වගේම නාරාහෙන්පිට කම්කරු ගොඩනැගිල්ලේ හත්වැනි මහලේ විවෘත කෙරුණු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයටද ඉදිරිපත් කළ හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
59,000 ක්ම මාලිමාවේ වෙන්න ඇති
මහජනතාව රජය බලයට ගෙනාවේ ප්‍රශ්න විසඳන්න මිස රජයේ අපහසුතාව මහජනතාවට දැනුම්දීමට නොවේ. අවශ්‍ය තත්ත්වය සඳහා විසඳුම් දෙන්න රජයකට ශක්තිය තිබෙන්නට ඕන නේද?
ජනපති වෙන්න පෙර අනුර.අන්න එයා මාධ්‍ය ගෙන්නලා, ෆයිල් ගොඩගහගෙන අහබු ලෙස තෝරන්න කියලා ඒ ෆයිල් ඇදලා ලොකූ වැඩක් කලා.ඒවායේ තියෙනවා.කීවේ නම් වෙන වෙන ඒවා.ඒ ෆයිලුත් තියෙනව ද දන් නෑ ගොඩගැහිලා.
තාම පත්වෙලා මාස 10යි. අවුරුදු 5 හිටියොත් පැමිණිලි මිලියනය පනියි. ඒතරමටම දූෂිතයි ආණ්ඩුවයි ඇමැතිලයි.
අලිබබා සහ හොරු හතළිහ ඇතුලු හිටපු දූෂිත දේසපාලුවෝ කරලා තියෙන්නේ එසේ මෙසේ වැඩ නෙවෙයිනේ...,