
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.
බ්‍රිතාන්‍ය පුරවැසියකුව සිටියදී මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම සම්බන්ධව විභාග වූ නඩුකරවල දී සහ විමර්ශනවල දී අනාවරණය වූ අපරාධමය කරුණු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ආකාරය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා සිටියේය.
ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් අපරාධමය කරුණු කීපයක් අනාවරණයවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නීතිපතිවරයා දන්වා තිබිණි.
ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම, ව්‍යාජ ලේඛන මුල් ලේඛන ලෙස ඉදිරිපත් කිරීම ඒ අතර විය.
ගමගේ මහත්මියට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙසත් ලැබෙන සාක්ෂි මත අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ චෝදනා ගොනු කරමින් ඇය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන වැරදි කරල තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඩයනා විතරයි ද...
එතකොට ඇමරිකානුවා ලංකාවට ඇවිල්ලා පාර්ලිමේන්තුව විසුරුවා මහමැතිවරණය පවත්වන ලෙසට බලපෑම් කිරීම හා උදයංගලා හා මහින්ද ඇතුළු පිරිස් බැසිල්ගේ අදහස ක්‍රියාත්මක කිරීමට ගන්නා උත්සාහයන් ගැන මොකවත්ම කරන්නෙ නැතෙයි
කැලෑ නීතිය සීඅයිඩි එක පස්සේ
පාර්ලිමේන්තුවෙන් දොට්ට දානකල් ඉන්න ඕනිද පරීක්ෂණ කරන්න?
කරන කලට පව් මීරිය මී සේ..
පස්සෙන් ගියාට නම් කමන් නැ අත්අඩංගුවට ගන්නනම් එපා
හොරා, පොලිස් සෙල්ලම් නම් කරන්න එපා... මොකද සියලුම දෙනා ඔය ගැන අවදියෙන් ඉන්නේ.
නීතිපතිවරයා නින්දෙන් ඇහැරිලා, රනිල් අංකල් කිව්වට ආයෙම දොයියන්න හදන්න එපා බබා.
පස්සේ යන්නේ මොන මගුලකටද ? සැක කටයුතු දෙයක් කරලා තිබෙනවා නම් අත්අඩංගුවට අරන් රඳවීමේ නියෝගයක් ලබාගෙන අර හරක් කටට , මදුෂ්ට කරනවා වගේ මාසයක් දෙකක , ප්‍රශ්න කරලා නඩු පවරන්න කටයුතු නොකරන්නේ මොකද ? CID මහත්වරු ප්‍රවේශම් වන්න , තව මාස කිහිපයකදී ආණ්ඩු පෙරලියක් එනවා එහෙම වුනොත් මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම ඇදිල එනවා , එහෙම වුණොත් නිතිය නිසිලෙස ක්‍රියාත්මක නොකිරීමට නඩු වැටෙන්නේ ඔබලාට වෙන්න පුළුවන් , ඇතුලට යන්නේ ඔබල වෙන්න පුළුවන්