
(ඩී.ජී.සුගතපාල)
අකුරැටිය ප්‍රදේශයේ කුඹුරක අත් ට්‍රැක්ටරයකින් සී සාමින් සිටි පාසල් සිසුවෙකු විදුලි සැර වැදිමෙන් අද (05) මිය ගොස් ඇතැයි බද්දේගම පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ බද්දේගම නුගේතොට පදිංචි දිගොඩ ගමගේ ඉසිර රසංජන නමැති 16 හැවිරිදි සිසුවෙකි. ඔහු 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.
මෙම කුඹුරට මෝටරයකින් ජලය ලබා ගන්නා අතර එම මෝටරයට විදුලිය සපයා තිබු විදුලි රැහැනේ පැටලීමෙන් සිසුවාට විදුලි සැර වැදී ඇත.
පශ්චාත් මරණ පරක්ෂණය සඳහා මළ සිරුර කරාපිටිය රෝහල වෙත ගෙන ගොස් ඇති අතර බද්දේගම පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd