(සුමිත් පොතුපිටිය)
අපොස සාපෙල විභාගයට පෙනීසිටීන සිසුවෙකුගේ මුත්‍රා මාර්ගයෙන් රුධිරය වහනය වන්නට යටි බඩට පයින් පහරදීමේ සිද්ධිය සම්බන්දයෙන් පාසල් සිසුන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පහරකෑමට ලක්වූ සිසුවා ඉගෙනුම ලබන පානදුර ජනප්‍රිය පාසලේම අපොස සාපෙල විභාගයට පෙනීසිටීන සිසුන් පස්දෙනෙකු බව පොලිසිය කීය.
පෙරේදා (02) පානදුර ජනප්‍රිය පාසලක අපොස සාපෙල විභාගයට පෙනීසිටී සිසුවෙකුට තවත් සිසුන් පස් දෙනෙකු පහරදුන් බවට ලද පැමිණිල්ලක් මත සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
පහරකෑ සිසුවා පානදුර මූලික රෝහලට ඇතුලත් කර, මුත්‍රා මාර්ගයෙන් රුධිරය වහනය විමක් සිදුව ඇති බවත් රෝහල් ආරංචි මාර්ගවල් සදහන්වේ .
තවදුරටත් පැමිණිල්ල විභාග කිරීම අවශ්‍ය නොවන බවට පැමිණිලිකරු විසින් ඉල්ලා සිටීම හේතුවෙන් අත්අඩංගුවට පත් සිසුන් පස්දෙනා පොලිස් ඇපමත මුදාහැරීය බවද උසස් පොලිස් නිළධාරීයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද එහෙනම් පැමිණිලි කළේ? විත්ති පාර්ශවයේ අනියම් බලපෑමක්ද? සොයා බැලීම වටී...
ඔය තමයි නව පරම්පරාවට හැම දෙයක්ම කුලල් කා ගැනීමෙන් විසඳිය හැකි බවට ආදර්ශයක් දෙන අවර ගනයේ මෙගා ටෙලි නාට්‍යවල ආදර්ශය...
පනින වඳුරන්ට ඉනිමන් දැම්මා වගේ. පහරකෑම නිසා අතුරු ප්‍රතිඵල පසු කාලෙකදී විඳිනකොට පැමිණිලිකරුට තේරෙයි සමාව දීලා කරගත්තේ ගොන්කමක් කියලා...