
(අංජුල මහික වීරරත්න)
2023 වසරේ ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (03)පැවැත්විණි.
අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට එම විභාගය සමත්ව අ.පො.ස (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.
ඒ අනුව 2022 වසරේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල මත 2024 වර්ෂයේ අ.පො.ස (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3,000ක් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම මෙම වසරේ සිදු කෙරෙන අතර දිවයින පුරා කලාප කාර්යාල 100 ආවරණය වන පරිදි කලාපයකින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනකු බැගින් ඒ සඳහා තෝරා ගෙන තිබේ.
ශිෂ්‍යත්ව ප්‍රදානය සංකේතවත් කරමින් බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප 11ක ඉහළම දක්ෂතා පෙන්වන ලද ශිෂ්‍යත්වලාභීන් 110කට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශිෂ්‍යත්ව පිරිනැමීය.
මේ යටතේ ශිෂ්‍යත්වලාභියකු අ.පො.ස (උ.පෙළ) අධ්‍යාපන කටයුතු අවසන් කරන තෙක් වසර දෙකක කාලයක් පුරා මසකට රුපියල් 5000 බැගින් ශිෂ්‍යාධාරය හිමි වන අතර ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුළු මුදල රුපියල් මිලියන 360 කි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ මේ ජනතා මුදල් වලින් නේද බෙදුවේ... ?
ඔව්. මෙයාලා බදු සල්ලි බෙදන්නේ තමන්ගේ ගෙදරින් ගෙනාපු ගානට. අපි දන්න කෙනෙක් ඉන්නවා එයා ඩොලර් මිලියන 380ක් විතරලු වියදම් කරලා අහසට රොකට් ඇරියා. රුපියල් වලින් මිලියන 350x325ක්. ඒ කියන්නේ සුඛෝපභෝගි පාසල් 325 ක් විතර හදන්න පුලුවන් සල්ලි. ලමයිනේ ඉගෙන ගෙන රට පලයල්ලා . එහේ ඩොලර් මෙහෙට එවල්ලා. එතකොට දේශපාලන නිකමුන්ට පුලුවන් ඒවා වියදම් කරන්න . දේශපාලන නිකමුන් උන්ගේ පැටවු රට යවලා ඩොලර් උපයන්නේ නෑ.