IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සා.පෙළ විද්‍යා පේපරේට නිදහස් ලකුණු 2ක්

(යොහාන් භාසුර)

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් පිරිනැමීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අනිත් ජයසුන්දර මහතා පැවසීය.

විද්‍යා ප්‍රශ්න පත්‍රයේ 9 සහ 39 ප්‍රශ්න සඳහා එලෙස ලකුණු දෙක පිරිනැමීමට තීරණය කළ බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය ප්‍රතිපාදන සැලැස්මට පරිබාහිරව සකස් කර ඇති බවට  එල්ල වූ චෝදනා චෝදනා පිළිබඳව අවධානය යොමු කර මෙම පියවර ගත් බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (2)

සා.පෙළ විද්‍යා පේපරේට නිදහස් ලකුණු 2ක්

පුරවැසියා Wednesday, 15 May 2024 04:30 PM

දරුවන්ට වැය වූ කාලය...!

:       1       8

චන්දිම ෆොන්සේකා Wednesday, 15 May 2024 07:56 PM

පොඩ්ඩක් හිතලා බලන්න. ජාතික විභාගයක ප්‍රශ්න පත්‍ර හදනවා කියන එක නිකම් ආවට ගියාට කරන වැඩක්ද? කොච්චර බැරෑරුම් වගකිවයුතු වැඩක්ද? විභාගයට වාඩි වුනු ළමයිගේ මනස වික්ෂිප්ත වෙන විදියට වැඩ සිදුවීම සුළුවෙන් සැලකිය හැකිද? එතකොට විෂය නිර් දේශයේ නැති හෝ ඉවත් කල කොටස් ගැන මේ වැඩේ කරපු මිනිස්සු දන්නේ නැද්ද?දැනගෙන ඉන්නම ඕනි නේද? ප්‍රශ්න පත්‍රය හදන්න කලින් වගේම හැදුවට පස්සේත් සිදුවිය හැකි වැරදි අතර මෙවැනි වරදක් වෙලා ඇත්දැයි නිකමට වත් පරීක්ෂාවක් කලයුතු නැද්ද? ඒ ගොල්ලෝ නිකම් බබ්බුද? මෙතනින් පෙන්නේ මොකද්ද මේ මිනිස්සු කිසිදු වගකීමකින් වැඩ කල නොහැකි මේ තනතුරු වලට නුසුදුසු උදවිය කියන එක නොවේද? මේවා කාගේ පත්වීමද? මේ අයට දෙන දඬුවම මොකද්ද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site