IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සා.පෙ. ප්‍රතිඵල සැප්තැම්බරයේදී

(කේ බුද්ධික කුමාරසිරි)

පසුගියදා පැවැති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසයේදී ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් ව සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා හෝමාගම දී අද (23)  පැවසීය.

උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට සියලු දීමනා වැඩි කළ බවත්  එහිදී පැවසීය. එමෙන්ම පාසල් වලට අනුයුක්තව සිටි සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රශ්නයට ඊයේ (22) දින එකඟතාවයකට පැමිණි බැවින් අධිකරණයට අදාල ගැසට් පත්‍රය ඉදිරිපත් කර නඩුව ඊළඟ සතිය වෙනකොට අවසන් වීමෙන් පසු  ඒ පත්වීම් ටික ලබා දීමට හැකියාව පවතින බවද පැවසීය .

මේ වන විට පුරප්පාඩු සදහා ගුරුවරුන් ලෙස සංවර්ධන නිළධාරීන් විසි තුන් දාහෙන් හයදාහකට පත්වීම් ලබා දී තිබෙන බැවින් ඉතුරු අය සදහා සම්මුඛ පරීක්ෂණක් පවත්වා පත්වීම් ලබා දීමට කටයුතු කිරීමට සැළසුම් කර ඇති බැවින් ඉතා කෙටි කාළයකදී  ගුරු පුරප්පාඩු සියල්ල පුරවා අවසන් වන බනද අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩි දුරටත් පැවසීය.



අදහස් (4)

සා.පෙ. ප්‍රතිඵල සැප්තැම්බරයේදී

අමරසිරි විතානගේ - ඉමදූව Tuesday, 23 July 2024 02:49 PM

නව පත්වීම් දෙනකොට හැකිතාත් එම අය පදිංචි නිවස කිට්ටුවටම දෙන්න. නැතිනම් මේ වැඩේ අසාර්ථක වෙනවා. තෘප්තියෙන් සේවය කරන්න බැහැ. බැරිම නම් වසරක් වගේ ඉතා කෙටි කාලයකට දුෂ්කර දමන්න. මමත් ගුරුවරයෙක් ලෙස වසර ගණනාවක් සේවය කර තියෙනවා. මම ප්‍රායෝගික ප්‍රශ්න ගැන දන්න නිසා කියන්නේ. රස්සාවක් දෙන්න ඕනවට රස්සා දෙන්න එපා.ඒක තෘප්තිමත්ව කරගෙන යන්නත් අවශ්‍ය වාතාවරණය සකස් කිරීම බලධාරයින්ගේ වගකීමක් සහ යුතුකමක්.නිවසට කිට්ටු පාසල්වලට පත්වීම් දුන්විට මේ නවක ගුරැවරැ නිසා ඇත්තටම ලොකු කැපකිරිමකින් වැඩ කරාවි. සවසටත් පාසලට විත් උගන්වාවි. කරල බලන්න. මම කියන දේ නරකද කියලා.

:       0       7

කුසුම් - බෙලිඅත්තTuesday, 23 July 2024 04:56 PM

අමරසිරි මහතාගේ කථාව සම්පූර්ණ ඇත්ත. මොකද ආර්ථික බාධක මැද සොච්චම් පඩියෙන් ලොකු වියදමක් ගමන් ගාස්තු වෙනුවෙන් දරන්න බැහැ. අනික ගුරු වෘත්තිය කියනවනේ දරුවන් එක්ක කරන්න ඕනෑ දෙයක්. ඒ නිසා වෙහෙස මහන්සි නොවී හොඳ සූදානමකින් ඒ වැඩේ කරන්න අවශ්‍ය වාතාවරණය සාදා දීම බලධරයින්ගේ වගකීමක්...!

:       0       1

Godsila Wednesday, 24 July 2024 02:44 AM

ඒකනේ. අමරසිරි විතානගේ කියන විදියට ගුරුවරයාට ළඟම පාසල හොඳම පාසල කරලා දීලා බලන්න. ඔය දුර පළාත්වල ඉන්න ළමයින්ට හෙන ගැහුවත් මොකද...?

:       1       0

නිමල් හොරණThursday, 25 July 2024 12:09 PM

ඇයි දුෂ්කරයි කියන පළාත්වවල ගුරැවරැ ඇත්තෙම නැද්ද.ඔය උත්සාහය කිසිම දවසක හරි යන්නෙ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site