(ඉන්දිකා රාමනායක)
සමිගි ජන බල වේගය විසින් රජයට විරුද්ධව ආරම්භ කර තිබූ විරෝධතාවය අතරතුර විරෝධතාකරුවන් එල්ල කළ ගල් මුල් ප්‍රහාරවලින් පොලිස් සැරයන්වරුන් තිදෙන තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ කොල්ලුපිටිය, කොළඹ නාගරික රථ වාහන කොට්ඨාශය සහ ඇහැලියගොඩ ස්ථානවල රාජකාරී කරමින් සිටින සැරයන්වරුන් තිදෙනෙකු බව පොලිසිය සඳහන් කරයි.
මෙම විරෝධතා පාගමනට කොළඹ විහාරමාදේව උද්‍යානය අසලදී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමගම විරෝධතාකරුවන් පොලිසිය වෙත ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමේදී පොලිස් නිලධාරීන් තිදෙනා තුවාල ලබා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඔබලාට විපක්ෂ නායකත් කඳුළු ගෑස් කියන එක පෙනුණේ නැද්ද?