
(යොහාන් භාසුර)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා පත් කර තිබේ.
එම දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ප්‍රසාද් රණසිංහ මහතා විශ්‍රාම යාමෙන් පසු ජාතික පොලිස් කොමිෂන් සභාව නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා එම තනතුරට පත්කළේය.
ප්‍රේමරත්න මහතා බස්නාහිර පළාත උතුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටි අතර ඒ මහතා සංවිධානාත්මක අපරාධ මැඩලීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු අපරාධ මර්ධන සදහා නමක් දිනා සිටින නිලධාරියෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, වංචා විමර්ශන කාර්යංශය, පොලිස් විනය සහ කල්ක්‍රියා කොට්ඨාසය ඇතුළු පොලිස් ඒකක ගණනාවක අධ්‍යක්ෂ ධූරයන් මෙන්ම කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු දරා ඇති රොහාන් ප්‍රේමරත්න මහතා අති දක්ෂ අපරාධ විමර්ශන නිලධාරියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දක්ෂ පොලිස් නිලධාරීන්ගේ පින්තූර ප්‍රසිද්ධියේ පලකිරීමෙන් වළකින්න. විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තනතුරක් දරන නිලධාරියෙක් නිසා...!
වැඩ බලන නෙවෙයිනේ... ස්ථිරවම නේද? නැතිනම් ස්ථිර කරගන්න සේරම දේවල් කරන්නම වෙනවා.
හොඳයි