IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සී.අයි.ඩීයට නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

(යොහාන් භාසුර)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා පත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ප්‍රසාද් රණසිංහ මහතා විශ්‍රාම යාමෙන් පසු ජාතික පොලිස් කොමිෂන් සභාව නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා එම තනතුරට පත්කළේය.

ප්‍රේමරත්න මහතා බස්නාහිර පළාත උතුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටි අතර ඒ මහතා සංවිධානාත්මක අපරාධ මැඩලීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු අපරාධ මර්ධන සදහා නමක් දිනා සිටින නිලධාරියෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, වංචා විමර්ශන කාර්යංශය, පොලිස් විනය සහ කල්ක්‍රියා කොට්ඨාසය ඇතුළු පොලිස් ඒකක ගණනාවක අධ්‍යක්ෂ ධූරයන් මෙන්ම කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු දරා ඇති රොහාන් ප්‍රේමරත්න මහතා අති දක්ෂ අපරාධ විමර්ශන නිලධාරියෙකි.



අදහස් (3)

සී.අයි.ඩීයට නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

Asela Friday, 12 January 2024 08:33 PM

මෙවැනි දක්ෂ පොලිස් නිලධාරීන්ගේ පින්තූර ප්‍රසිද්ධියේ පලකිරීමෙන් වළකින්න. විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තනතුරක් දරන නිලධාරියෙක් නිසා...!

:       1       4

chandima Friday, 12 January 2024 11:47 PM

වැඩ බලන නෙවෙයිනේ... ස්ථිරවම නේද? නැතිනම් ස්ථිර කරගන්න සේරම දේවල් කරන්නම වෙනවා.

:       0       2

Shantha Abeynayake Monday, 15 January 2024 07:09 AM

හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 897 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site