(රෝෂන් තුෂාර)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු(සි.අයි.ඩි) නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලූපිටියේ නිවසක් පරීක්ෂා කර රුපියල් දෙකෝටි විසිලක්ෂයක මුදලක් හා ඩොලර් 3500ක් අල්ලස් වශයෙන් ගත් බව කියන දෙමටගොඩ සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය ලබන 28 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(14) නියෝග කළේය.
සැකකරුවන් සිව් දෙනා අල්ලස් ලබා ගැනීම සඳහා කුලී පදනම මත රැගෙන පැමිණි කාර් රථය පරම අයිතිකරුට මුදා හරින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකරුවන් සම්බන්ධයෙන් දුරකථන දත්ත වාර්තා කැඳවීමට,කටහඬ පරීක්ෂණ සිදු කිරීමට හා ඔහු සමග සම්බන්ධ සැබෑ පොලිස් නිලධාරීන් පිළිබඳ විමර්ශන අවසන් නොමැති බැවින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සි.අයි.ඩි ලෙස පෙනී සිටි තිදෙනා රිමාන්ඩ්