IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ෂාෆ්ටර් ඝාතනයට ඩී.එන්.ඒ වාර්තා කැඳවයි

(නිමන්ති රණසිංහ)

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනයට අදාළව එම අපරාධ ස්ථානයේ තිබූ නඩු  භාණ්ඩ සහ රුධිර සම්පල් පරීක්ෂා කර ඩී එන් ඒ වාර්තා සහ රස පරික්ෂක වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (02) රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළාය.

මෙම ඝාතනයට අදාළව අපරාධ ස්ථානයේ මෙන්ම මරණකරු රැඳී සිටි වාහනයේ තිබී සොකෝ නිලධාරීන් ලබාගත් රුධිර සාම්පල්, ඇඟිලි සලකුණු මෙන්ම මරණකරුගේ ඇඳුම් පැළදුම්, නියපොතු හිසකෙස් ආදිය පරීක්ෂාවට ලක් කර ඩී එන් ඒ වාර්තා මෙන්ම රස පරීක්ෂක වාර්තා අධිකරණයට ලබා දෙන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරිය රස පරීක්ෂකවරයාට නියම කළාය.

රස පරීක්ෂක වාර්තා කැදවීමට අවශ්‍ය නඩු භාණ්ඩ බොරැල්ල පොලීසිය අද (02) අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එම නඩු භාණ්ඩ පරීක්ෂා කිරීමෙන් පසු අධිකරණය පොලීසිය කළ ඉල්ලීමට අවසර ලබා දුන්නේය.

මෙම සිද්ධියට අදාළව මෙතෙක් විමර්ශන අවසන්ව නොමැති බවත් පු`ථල් ලෙස විමර්ශන තවදුරටත් සිදුකරමින් සිටින බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.



අදහස් (1)

ෂාෆ්ටර් ඝාතනයට ඩී.එන්.ඒ වාර්තා කැඳවයි

fairoos Tuesday, 03 January 2023 12:07 PM

අවංක නිලදාරින් පරීෂන කරොත් හොදයි.. නැත්තම් ඉතින් ඔකත් තාජුදීන් වගේ අබිරහස් මරනයක් වේයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 150 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site