(විමුක්ති එස් රුද්‍රිගු)

බොලිවුඩයේ රජු ලෙස සැලකෙන සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන්, සිය මව සහ පියා වරක් ජීවත්වූ දිල්ලි නගරයේ සුඛෝපභෝගී මහල් නිවාසයක මහල් දෙකක් ඉන්දීය රුපියල් කෝටි 37 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 129 ක් පමණ) වියදමින් මිලදී ගෙන ඇතැයි ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
ඒ සඳහා ආර්යන් ඛාන් ඉන්දීය රුපියල් කෝටි 2.64 ක මුදලක් මුද්දර ගාස්තු ලෙස ගෙවා ඇති බවද එම පුවත්පත සඳහන් කළේය. ෂාරුක් ඛාන් සිය රංගන දිවියේ මුල් අවධියේදී ගෞරි ඛාන් සමඟ මෙම ගොඩනැගිල්ලේ ජීවත්ව ඇති බවත් ආර්යන් ඛාන් මිලදී ගත් මහල් දෙක ගෞරි ඛාන් ඇයගේ අතින් අලංකාර කර ඇති බවත් ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
මෙම මහල් නිවාසයේ පහත මහල් දෙකේ අයිතිය ෂාරුක් ඛාන් සතු වන බවද එම පුවත්පත පෙන්වා දුන්නේය. එම නිසා ආර්යන් ඛාන්ට මෙම ගොඩනැගිල්ලේ විශේෂ වැදගත්කමක් තිබෙන බවද ඉකොනොමික් ටයිම්ස් පුවත්පත පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෂාරුක් පුතා ෂාරුක්ගේ ගේ මිලදී ගනී
Lankabarana Friday, 02 August 2024 10:45 AM
ඔන්න ඕක තමයි සිංහල බෞද්ධ ජනතාව හා අනෙකුත් ජනතාව අතර තියෙන වෙනස .සාමාන්‍යයෙන් සිංහල බෞද්ධ ජනතාව තමන්ගෙ දරුවන්ට දේපළ විකිණීම කරන්නේ නැහැ ඔවුන් විශ්වාස කරන්නෙ යනකොට කිසිවක් ගෙනයන්නේ නැහැ කියලා තමයි ඉතින් ඔවුන් කරන්නේ දරුවන්ට දේපොළ තෑගි දීදීම පමණයි
NimalFriday, 02 August 2024 11:14 AM
සිංහල බෞද්ධ අය විතරක් නෙමෙයි ලංකාවේ අනිත් අයත් එහෙම තමයි.... අනික මැරෙනකොට ගෙනියන්නේ නෑ තාම...
ඇණටෝල්Friday, 02 August 2024 11:55 AM
මෙතන කියල තියෙන්නේ ශාරුක්ලා ඉස්සර හිටි ගෙදරක් ගැන . ශාරුක් ඛාන් තමන්ගේ ගෙදර විකුණුවා කියල කියල නෑ . නැතිනම් ඒ ගොඩනැගිල්ලේම පහත මහල් දෙකක් ශාරුක්ට අයිතියි කියන්නේ නෑනේ .සිංහල හරියට කියවන්න බැරි වුනත් හැම දේටම ජාතියයි ආගමයි ගාවගෙන අපේ එක තමයි හොඳම කියන්න උත්සහ කරන අයත් ඉන්නවා .
සමන්Saturday, 03 August 2024 08:42 AM
බොහෝ සිංහල බෞද්ධයන්ට යමක් හරියට කියවා තේරුම් ගන්න තරම් මොලයක් නෑ... මෝඩ චූන් විතරයි
ලසන්ත Friday, 02 August 2024 10:49 AM
ඒ සඳහා ඉන්දීය රුපියල් කෝටි 2.64 ක මුදලක් මුද්දර ගාස්තු ලෙස ගෙවා ඇත" කවුරුන් කොයි රටේ වුවද, තමන් නීතිගරුකව ඉපැයූ මුදලින් රජයට නිසිලෙස බදු ගෙවා අත්පත් කරගත්තෙ නම් ඒ සියලු දේ හී වටිනාකම ඉතා අගනේය.