(විමුක්ති එස් රුද්‍රිගු)

බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට එරෙහිව ගොනුකර ඇති නඩු ගණන 100 පසුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හසීනා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී දින කීපයකට පසුව ඇයට එරෙහිව පළමු නඩුව පසුගිය 13 වැනිදා ඩකා අධිකරණයේදී ගොනු කර ඇති බවත් 100 වැනි නඩුව බංග්ලාදේශ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ හමුවේ පසුගියදා 29 වැනිදා ගොනුකර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
හසීනාට එරෙහිව ගොනුකර ඇති බොහෝ නඩු බරපතළ චෝදනා යටතේ ගොනුකර ඇතැයි විදෙස් මාධ්‍ය පැවැසුවේය. ඉන් නඩු 63 මිනීමැරුම් චෝදනා යටතේද, නඩු 7 ක් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා යටතේද, නඩු 3 ක් පැහැරගැනීමේ චෝදනා යටතේද, තවත් නඩු 2 ක් වෙනත් බරපතළ චෝදනා යටතේද ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.
රජයේ රැකියා කෝටාවට එරෙහිව පැවැති විරෝධතා හේතුවෙන් හසීනාගේ රජය පසුගිය 5 වැනිදා ඉල්ලා අස්වූ අතර එතැන් සිට මේ දක්වා කාලය තුළදී හසීනා නීතිමය පඹගාලක පැටලී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.පසුගිය ජූලි මාසයේදී ඇරැඹි විරෝධතා අවසන් වනවිට ඉන් මිය ගිය සංඛ්‍යාව 600 පසුකර තිබූ බවද විදෙස් මාධ්‍ය පැවැසුවේය.
ඉල්ලා අස්වීමෙන් පසුව හසීනා ඉන්දියාවට පළා ගිය අතර එහි දේශපාලන රැකවරණ ලබා ගත්තාය. ඉන්දියාවේ රැකවරණ ලබා ගැනීමත් සමඟ ආචාර්ය මොහොම්මද් යූනුස් ප්‍රමුඛ අන්තර්වාර රජයේ හසීනාගේ රාජ තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කළ අතර ඇය ඉන්දියාවේ සිටීමේ නිත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්න කළේය.
2025 දෙසැම්බර් මස 18
638
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෂෙයික් හසීනාට නඩු සිය ගණනක්