
(සුජිත් හේවාජුලිගේ)
පොලිතින් මලු (ෂොපින් බෑග්) නොගන්නා පාරිභෝගිකයන්ට දීමනාවක් ලබාදීමට ප්‍රධාන සුපිරි වෙළෙඳසල් පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී එකඟ වී ඇත.
මේ අනුව එලෙස දෙන දීමනාවේ ප්‍රමාණය සම්බන්ධයෙන් අවසාන තීරණයකට පැමිණීම සඳහා සුපිරි වෙළෙඳසල් හිමියන් ලබන 21 වැනිදා කාරක සභාවට කැඳවූ බව එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
පොලිතින් සහ ප්ලාස්ටික් පාවිච්චිය අධෛර්යමත් කිරීමෙන් පරිසරය ආරක්ෂා කර ගැනීම මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ අරමුණ බවද හෙතෙම සඳහන් කළේය.
සුපිරි වෙළෙඳසල්වලින් නිකුත් කරන පොලිතින් මලු සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම වෙළෙඳ සල් හිමියෝ පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගියදා කැඳවනු ලැබූහ. ඔවුන් මෙම එකඟත්වයට පැමිණියේ ඒ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙසේ හෝ මෙම පොලිතීන් ව්‍යසනයෙන් අත් මිදෙන්නට කටයුතු කරමු. අජිත් මාන්නප්පෙරැම මහතාගේ කාර්ය භාරය දේශපාලන භේදයකින් තොරව පසසමු.
සුපිරි වෙළෙඳසල්වලින් නිකුත් කරන පොලිතින් මලු (ෂොපින් බෑග්) සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම වෙළෙඳ සල් හිමියෝ පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගියදා කැදවා වැරදි එකඟත්වයට පැමිණ ඇත. ෂොපින් මලු නැති නම් දීමනාවක් අවශ්‍ය නැත. කලයුතුවන්නේ දීමනාව වෙනුවට විවිද ප්‍රමාණයේ washable fabric grocery bags සහන මිලට ලබාදීමට අර්ම්බයේදී කට යුතු කිරිමවේ. ඉන්පසු මාස 6ක් වැනි කෙටි කාලයක් තුල සුපිරි වෙළෙඳසල්වලින් නිකුත් කරන පොලිතින් මලු (ෂොපින් බෑග්) සියලු පොලිතින් මලු ඉවත් කරනා බව දන්වා grocery counters අසල poster in 3 languages පැහැදිලි කියවා ගනීමට සැලැස්වීම සිදු කලයුතුවේ. මෙවැනි සිදුකිරීමක් තුල පරිසර හානිය පමණක් නොව නව රැකියා අවස්ථවන් පවා බිහිවේ. රජය මගින් washable fabric grocery bags සකස් කිරීමට යොදා ගන්න fabrics පිලිබදව ප්‍රමිතියක් නිකුත් කිරීම සිදු කලයුතුවේ
කාලීන අවශ්‍යතාවයක්. මට මතක විදිහට ඒ කාලේ යෝජනාවක් ගෙනාවා ෂොපින් මලු නිකුත් කිරීමේදී සුපිරි වෙළඳසැල් මගින් යම් මුදලක් අය කිරීමට. නමුත් එය ා උසාවි නියෝගයකින් අත්හිටෙව්වා. හැකිනම් මෙයට ප්‍රතිශෝධනයක් ගෙනැවිත් යම් මුදලක් අයකරන්න. එවිට මහජනයා නිරායාසයෙන් විකල්පයක් සොයා ගනී
ලංකාවේ මිනිස්සු හැදෙන්නේ දීමනාවක් දුන්නොත් විතරයි. පරිසරය ගැන කිසි තැකීමක් නැහැ.
අපිත් ඒකට කැමතියි ඒත් සමහරක් පුද්ගලික වෙළඳ ආයතන අප ගෙනයන බෑග් ඇතුලට ගන්න දෙන්නෙ නැහැ. ඒවා ආරක්ෂක නිළධාරින් ළග ඇති රැදවුමේ තියල අංක අරගෙන යන්න වෙනවා. ඊට පස්සෙ ඇතුලෙදි ලැබෙන පොලිතීන් ඇසුරුම් අපේ බෑග් වලට දාගන්න වෙනවා. සාමාන්‍යයෙන් බැලුවොත් මාසෙකට ලැබෙන පොලිතීන් ප්‍රමාණය කිලෝ 50ක ඇසුරුම් කවරයේ භාගයක් පමණ වෙනවා. සමහරක් ගෑනු මිනිස්සු මේවා අනුන්ගේ නිවාස අසලට දමා පුලුස්සනවා . මෙනිසා පොලිතීන් හා රබර් අපද්‍රව්‍ය පිලිස්සීම කරන විට උපරිමයෙන් දඩුවම් කරන්න කටයුතු කලොත් හොදයි. තවත් එකක් තමයි කුඩා ප්‍රමාණයේ පොලිතීන් කවර දැන් දැන් කසිප්පු ඇසිරීම සදහා ගන්න බවක් අහන්න ලැබුනා. ඒවා වහාම තහනම් කලොත් තවත් සහනයක් ලැබෙනවා.
යුරෝපීය රටවල තමුන් ගෙනියන මලුවල තමා වැඩිපුරම බඩු ගෙනියන්නේ ,දූෂණයෙන් පිරි ලංකාව වගේ රටක බෑග් කවුන්ටරයේ තියලා යන්ඩ කියන්නේ නිකම්ද ?
අදහස හොදයි අවට. පරිසරය ගැන කිසිදු තැකීමක් නොකරන මිනිස්සු සියයට 90 කට වඩා ඉන්නෙ. දිගු කාලීනව පාසල් පද්ධතියේ සිට සමාජයේ සෑම ක්ෂේත්‍රයකටම පොලීතීන් භාවිතයේ ආදීනව සම්බන්ධ ආකල්පමීය දැනුමක් අවබෝධයක් ලබා දිය යුතුයි.