(හේමන්ත ද සිල්වා)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වු ෂාන් විජයලාල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී අද( 01 ) සමගි ජන බලවේගයට එක්වීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කල ෂාන් විජයලාල් ද සිල්වා මහතා දකුණු පළාත් ප්‍රධාන ඇමතිවරයා ලෙස තෙවරක් වසර පහලොවක කාලයක් අඛන්ඩව දකුණු පළාත් මහ ඇමතිවරයා ලෙස කටයුතු කර ඇත.
අනතුරුව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරය දැරෑ ඒ මහතා අද 01 දින සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජනබලවේගයට එක්වීමට නියමිතය.
ඒ මහතාට සමගි ජන බලවේගය අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක ධුරය ලබා දීමට නියමිත බවද පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදකිං තෝ ඒකත් කන්නද හදන්නෙ. පට්ට හොරා.එතකොට මුගේ සහචරයන්ට මොකද වෙන්නෙ.මේ මොන තරම් අපරාධ කරපු අපරාධ කාරයෙක්ද.මේකා සමගි ජනබල වේගයට එක්කර ගත්තොත් සජිත්ටත් හෙන ගහවි.අපි දකුණෙ ජනතාව දන්නව මේකයි මුගේ සහචරයොයි ගහපු ගැහිල්ල.ලබන ආත්මෙ මුන් උපදින්නෙ හිප පොටේ මස්ල වෙලා.මුන්ට දැන් බලේ නැතිව ඉන්න බැහැ.මට නම් මේ පුවත හරි පුදුමයි.කොහොමත් මුන් ඔක්කොම හොරැ. බැහැයි පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම හොරැ නොවෙයි.මුං මැරෙන්න කලියෙන් අපා ගත වන අය.මට මේක දැක්කහම ඇගේ මවිල් කෙලින් වුනා.මේවගේ ජරා පුවත් පත්තර වල දාන්නත් එපා.
අනේ දෙවියනේ.මැතිණිගෙ බාල පුතා.හැබැයි අම්ම අප්ප බණ්ඩාරනායකල නෙවෙයි.හොර දෙටුවාලාගේ ෂාන් විජයලාල් කියලයි නම වෙනත් කරන්න ඕන.මේක අමු කපටිය. නයා මරන්නේත නැහැ.පොල්ල කඩන්නෙත් නැහැ.ඒ වගේම ආත්මෙකුත් නැහැ. පව් ගොන්නු.දැන් දයාසිරිත් ඒවි මේක පස්සෙ.බලන් ඉදපල්ල,බොලාට ඡන්දෙ හම්බ වේවි.මහ මුදලි කම මහ ඇමති කමටත් වඩා ලොකුයි කියල අහල තියෙනවනේ.
මෙන්න මේ නිසා තමයි මම NPP.
රටටට ආදරයක් තිබෙනවා නම් මොන පක්ෂෙන් ඉල්ලුවත් මේ හොරට මනාපේ නම් ගහන්න එපා ,
මම හිතන්නේ ගාලු දිස්ත්‍රික්කයේ තවත් තණකොළ කන මිනිස්සු නැහැ කියල මේවගේ පිළිකුල් චරිත නැවත පාර්ලිමේන්තු යවන්න
දීර්ග ගමනකින් පසු දේශපාලන කුණුබක්කියට වැටීිමට පෙර තවත් අම්බලමක නතර වන තවත් අමන දේශපාලන චරිතයක්.මැරනහම මරණෙවත් බලන්න යන්න එපා.ඒ තරමටම අප්පිරියයි.
බොහොම හොද බුද්ධිමත් තින්දුවක්. ඔතනින් පස්සෙ පුලුවන් වේවි මැරෙනකම්ම විශාම සුවයෙන් කල් ගෙවන්න.තිරිසනා,ගොනා සහ වට්ලප්පං කියපු හැම කරැණක් එක්කම මමත් එකගයි.ෂාන් ඔබට නිවන් සුව.
නියමයි, නව ගිලෙනකොට මීයෝ පනිනවා , සජිත් අනිවා දිනනවා
මෙයා හිතන් ඉන්නවා සජබෙන් ආවොත්දිනන්න පුළුවන් කියලා... බෑමිනි හෝ බෑ.... මෙහි සජබෙට තියෙන ඒවාත් නැතිකරනවා... මෙයා මහ ඇමැති කාලේ රජයේ සේවකයින්ට උපන්දින සුබපැතුම් දුන්නා. කාගේ සල්ලිද...? පළාත් සභා සල්ලි අවභාවිතය... ඒවාට නඩුත් නැහැ තවම...!
මේ වගේ සීතල පට්ට හොරෙක් මුලු ආසියාවේම නැතුව ඇති. මෙයත් එකයි, මස්සිනාත් දයා පාලත් එකයි. මේ අපේම ඡන්ද වලින් ගොඩ ආපු අය. දැන් මොකද වටේ හිටපු අයට වෙන්නේ. මොවුන් මිනිස්සු ගැන හිතපු අය නොවෙයි. කරේම හොරකම... අම්බලන්ගොඩ නගර සභාවේ රංචුවත් මේකට හවුල් වුණා. තානායමත් විකුණං කෑවා. කෝ මේවාට දඬුවම්...? පළාත් සභාවේ ඉඳන් කෝටි ගාණක් කෑවා. ඔය නලින් හේවගේ දොඩවන්නේ නිකම් නොවෙයි.
එහාට මෙහාට පනින රිළවුන්ට හැලි වඳුරන්ට ඡන්දය දෙන්න එපා...
සමගි ජනබලවේගයත් ඉන්නේ පට්ට හොරුන්ගේ එකට එකතු වෙන්නත් පට්ට හොරුන්ටම... ඉතින් ශාන් විජේලාල්ට හරියන නියම තැන සමගි බලවේගය තමයි.