IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ෂැංග්‍රිලා බෝම්බයේ වීඩියෝ අධිකරණයේ පෙන්නයි

(මනෝප්‍රිය ගුණසේකර)

කතෝලික දේවස්ථාන හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන ආගමික අන්තවාදීන්  පාස්කු ඉරුදින කොළඹ ෂැංග්‍රිලා හෝටලයට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදාළ ආරක්ෂක කැමරා දර්ශන නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ  ප්‍රදර්ශනය කෙරිණී.

අධිකරණ ශාලාවේ සකස් කරන ලද තිරයක් මඟින් අදාළ සී සී ටී වී දර්ශන ප්‍රදර්ශනය කරමින් ඊට අදාළ සාක්කි සටහන් කරගනු ලැබු විනිසුරු මඩුල්ල මෙම නඩුවේ සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාව හෙළිදරව් කිරීමෙන් වළකින ලෙස ජනමාධ්‍යයට නියම කළේය.

වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ මෙම නඩුවේ සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාව හෙළිදරව් කිරීමෙන් වළක්වාලන නියෝගයක් ජනමාධ්‍යයට නිකුත් කරන්නැයි නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලෙන් කළ ඉල්ලීමකට අනුව විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.

මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත (සභාපති) අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන් ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවන ලදී.

 

 



අදහස් (2)

ෂැංග්‍රිලා බෝම්බයේ වීඩියෝ අධිකරණයේ පෙන්නයි

බණ්ඩා Wednesday, 11 October 2023 09:13 PM

තොටවත්ත යනු බැසිල් ට කඩේ යන, රාජපක්‍ෂලාගේ සාක්කුවේ සිටින, හමුදාවේ සිට අධිකරනයට පැමිණි පුද්ගලයෙකු බවට තොරතුරු තිබේ.

:       1       0

ජුනයිඩ් නානා Thursday, 12 October 2023 10:32 AM

බං ගොණ්ඩෝ... ජෙප්පා වුනාට තප්පුලන්ට එපා බං.. හෝදපු මොළගෙඩිය පරිස්සං කර ගනිං.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site