(යොහාන් භාසුර)

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සහ ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ සභාපති සරත් ගනේගොඩ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

සරත් ගනේගොඩ මහතාගේ ඉල්ලා අස්වීම හෙට (31) සිට ක්‍රියාත්මක වන අතර එහි වැඩබලන සභාපතිවරයා ලෙස ඩිමාල් අන්දර මහතා කටයුතු කරන බව ද වාර්තා වේ.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික රොෂාන් ගුණතිලක මහතා ද අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික ධූරයෙන් ඉල්ලාඅස්වී බව ද වාර්තා වේ.