IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ශිෂ්‍යත්වයෙන් ජයගන්න සිටි දැරියගේ පොත් ගිනි රකුසා ඩැහැගෙන

(සුමිත් පොතුපිටිය)

බේරුවල බදනාගොඩ ඉතා අසරණ දුප්පත් පවුලක් ජීවත්වන නිවසක ඇති වූ ගින්නකින් පාසල් අධ්‍යාපනය ලබන දරුවන් දෙදෙනකුගේ පොත් පත් විනාශ වී නිවසක කොටසට හානි සිදුව ඇති බව බේරුවල පොලිසිය පවසයි .

බදනාගොඩ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි බෝට්ටුවක මුර රැකියාවක නිරත නිශාන්ත කුමාර මහතා ගේ නිවසෙහි ගින්න හටගෙන ඇති බව සදහන් වේ.

නිවසේ සියලු දෙනා රාත්‍රි 7 ට පමණ රූපවාහිනි නැරඹීම සඳහා අසල නිවසකට ගොස් සිටියදී මෙම නිවසෙහි ගින්න හටගෙන ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න පාලනය කර ඇතත්, දරු දෙදෙනාකුගේ පොත්පත්, බෑග් සහ සපත්තු සියල්ල ගින්නෙන් විනාශ වී ඇත.

වැඩිමහල් දරුවා බදනාගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට ද පෙනී සිටින බවත්, ඇය පංතියේ පළවෙනි ස්ථානය ලබා ගන්නා සිසුවියක බවත් සදහන් වේ.

ශිෂ්‍යත්ව විභාගයට පාඩම් කිරීමට තිබූ ප්‍රශ්න පත්‍ර කට්ටල, පොත්පත් සියල්ලම දැවී අළුවී ඇති අතර , පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාල දරුවාගේ පොත් පත් සියල්ලද ගින්නෙන් විනාශ වී තිබේ.

නිවස ද රජයෙන් ලද ඉඩමක ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව ඉදිකර ඇති කටුමැටි ගැසූ නිවසක් බවත් පැවසේ.

මේ වනවිට 5 වසර ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවා දැඩි මානසික පීඩනයකින් සිටින බවත් ඇයට අවශ්‍ය පොත්පත් ටික ලබා දෙන්නේ නම් එය මහත් රුකුලක් බවත් දෙමාපියන් සදහන් කර සිටී.

එම අසරණ පවුලට උදව් උපකාර කිරීමට කැමති අයෙක් වේනම් නිශාන්ත කුමාර මහතාගේ අංක 076 0907029 ට අමතන මෙන්ද ඔවුන් ඉල්ලාසිටී.



අදහස් (0)

ශිෂ්‍යත්වයෙන් ජයගන්න සිටි දැරියගේ පොත් ගිනි රකුසා ඩැහැගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site