(ප්‍රසාද් රුක්මල් )

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ආරම්භ   වූ අද දිනයේදී  ඒ් සඳහා  පෙනී සිටීමට හාලිඇල දීගල්ල ගම්මානයේ සිට පැමිණි සිසුන් ට බස්රථ නොමැති වීමෙන් සිසුන් මෙන්ම දෙමව්පියන් ද දැඩි අපහසුතාවට පත්වුහ.

දීගල්ල උඩගම සිට උදෑසන   5.55ට  සහ උදෑසන  6.30  බදුල්ල බලා ශ්‍රී ලංගම බස්‍ රථ දෙකක් ගමන් ආරම්භ කලද,5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය  පැවති අද (15) දිනයේ ඉන් එකදු බස්රථය ක් හෝ ධාවනය නොවු බවද දීගල්ල උඩගම ගම්වාසීහු  කීහ .

මේ නිසාවෙන් දීගල්ල උඩගම , පනාකන්නිය, අහස්පොකුන, ඌව කැටවල වත්ත  දික්වැල්ල වත්ත, ආදි ගම්මාන රැසක සිට හාලිඇල , බදුල්ල ,කන්දේගෙදර නගර වල  පාසල් විභාග මධ්‍යස්ථාන කරා යාමට  දෙමව්පියන් සමඟ අද (15) උදෑසන පැමිණි  සිසුන්ට  කිලො මීටර් 10 ක පමණ දුර පාගමනින් කැටවල නගරයට යාමට සිදු වූ බව සිසුහු කියති.

කැටවල නගරයේ සිට  ශිෂ්‍යත්ව  සිසුන් හාලිඇල ,බදුල්ල කන්දේගෙදර නගරයේ  සිය විභාග මධ්‍යස්ථාන කරා යාමේදී   ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වීමට ඔඔන්න මෙන්න කියා තිබිණැයි හෙතෙම කීය .