
(මනෝප්‍රිය ගුනසේකර සහ රංජන් කටුගම්පොළ)
05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට කැබිනට් මණ්ඩලය නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (02) දැනුම් දුන්නේය.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමෙන් සිසු සිසුවියන් පීඩාවට පත්වීමට හැකියාව ඇති බැවින් විභාගය යළි පැවැත්වීම නුසුදුසු බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත් පහ වසර ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමට යෑමෙන් සෙසු විභාග පැවැත්වීමේ කටයුතු අවුල් වීමට මෙන්ම 06 වැනි ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලියද ප්‍රමාද වීමට හැකියාව ඇති බවට පසුගිය 25 වැනිදා රැස්වු තැබිනට් මණ්ඩලය තීරණය කිරීමෙන් අනතුරුව නිදහස් ලකුණු ලබාදීමට නිර්දේශ කර ඇතැයිද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම තුළින් තමන්ට දැඩි අසාධාරණයක් වූ බව සඳහන් කරමින් විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවූ අවස්ථාවේදී මේ බව දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලීණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව මෙම ප්‍රශ්නය විසඳුමට කල් මරන බවක් පේනවා. දරුවන් ගැන සිතනවානම් මෙම ප්‍රශ්නය කඩිනමින් විසදිය යුතු නමුත්, අධිකරණ තීන්දුව ප්‍රමාද කිරීමට උත්සහ කර ප්‍රශ්නයට මුහුණ දුන් පාර්ශවය දුර්වල කිරීමට උත්සහා කරන බවක් පෙනෙ. මෙය ඉතා ශෝචනීයයි.
මේ විභාගය මෙතැනින්ම නතර කරලා දාන්න. පාසල් වලට යන්න වෙන ක්‍රමයක් සාදන්න.
දරුවන් පීඩාවට පත් කරන පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි.
ශිෂ්‍යත්වය කියන්නේ තනිකරම ශාපයක්, මමත් දුක් වින්දා උදේ 5ට කොච්චියේ එනවා මරදානෙට, ඊට පස්සෙ ආන්නදෙට යන්නවා, ගෙදර යද්දී හවස් වෙලා සෙල්ලම් කරන්න වෙලාවක් නෑ. තනිකරම ළමා කාලය සුන්දර නෑ අපිට.