ක.ග කරුණාරත්න
පාසැල්වල පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (25) පොළොන්නරුවේදී පැවසීය.
ශිෂ්‍යත්ව විභාගය නිසා ඊට මුහුණ දෙන දරුවන් සහ ඔවුනගේ මාපියන් ලබන අමිහිරි අත්දැකීම් පිළිබඳව පැහැදිලි කළ ජනාධිපතිවරයා මේ කරුණු සැලකිල්ලට ගෙන ඒ විභාගය අහෝසි කිරීීම පිළිබඳව තීන්දුවකට රජය එළඹ තිබෙන බවද කීය.
පහේ ශිෂ්‍යත්ව විභාගය යනු දරුවන්ගේ කායික, මානසික තත්වය දුර්වල කරන දරුවන්ගේ මානසික තත්වය වට්ටන, අම්මලා ලෙඩ්ඩු කරන අම්මලා මානසික රෝගීන් කරන එකක් බවද ජනාධිපතිවරයා කීවේය.
පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද මෛත්‍රී ශිල්ප කලා මණ්ඩපය ශ්‍රවණාගාරය සිසු අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එසේ පැවසීය.
සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපනය යටතේ එදා මේ ශිෂ්‍යත්ව විභාග ක්‍රමය ආරම්භ කළේ එතුමා මධ්‍ය විද්‍යාල 50 ක් රටේ ආරම්භ කර ඉතාම දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් පසුව රජයෙන් ශිෂ්‍යත්වයක් ලබා දීමට බව කීය. එහෙත් අද ජනප්‍රිය යැයි සම්මත පාසැල්වලට දරුවන් ඇතුලු කරවා ගැනීමට දුප්පත් පොහොසත් බේදයකින් තොරව දරුවන් ඊට මුහුණ දෙන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මේ රටේ විශ්ව විද්‍යාලවලට ඇතුලුවන්නේ ශිෂ්‍යත්ව විභාගය සමත්වන දරුවන්ගෙන් සියයට 14ක් බවත් ඉතිරි සියයට 86 ශිෂ්‍යත්ව විභාගය අසමත් දරුවන් බවද ජනාධිපතිවරයා කීය.
පසුගිය වර්ෂවල ශිෂ්‍යත්ව විභාගය අසමත් දරුවන් තම මාපියන්ගේ තාඩන පීඩනවලට ලක් වූ අවස්ථා සහ එහි ප්‍රතිඵල ලෙස ඇතැම් දරුවන් සිය දිවි නසා ගැනීම්වලට පවා යොමුවූ බව වැඩි දුරටත් පෙන්වා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ යුත්තේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න නියම වැඩේ. ගමේ ළමයි ගමටම හිර කරලා මහා අයට කිසිම අපහසුවකින් තොරව ඒගොල්ලොන්ගේ ළමයින්ව දැන් කොළඹ ඉස්කෝල වලට දාගන්න පුළුවන්නේ නේද?
ඉතා හොද තීරණයක්. ඇත්තටම ජනප්‍රිය පාසලක් හැදෙන්නේ දක්ෂ ළමයින් නිසා. මේ ක්‍රමය නැති උනොත් හැම පාසලක්ම සමාන වෙනවා. පොඩි ළමයි උදේ පාන්දර නැගිටලා නිදිමතේ ඉස්කෝලේ ගිහින් ආයේ ගෙදර එන්නේ හවස් වෙලා. පුදුම දුකක් විදින්නේ. අනික පොඩි කාලේ මනසට එන පීඩනය ලොකු උනාමත් බලපානවා. අවුරුදු දහයකට ඉස්සර පිහිනුම් තටාක, හොද විද්‍යාගාර වගේ දේවල් කොළඹ පාසල් වලට සිමා උනත් දැන් ගොඩක් පාසල් වල මේ දේවල් තියනවා. ශිෂ්‍යත්වය නැති කරලා අවුරුදු දහයක් යද්දී ජනප්‍රිය පාසල් කියල දෙයක් නැත්තටම නැති වෙනවා.
එතකොට දක්ෂ ලමයෙකුට හොද ඉස්කෝලයක් ගන්න සාධනීය ක්‍රමයක් හැදුවද ?
හොඳ තීරණයක් නොවෙයි. ගමේ ළමුන්ට රෝයල්, ආනන්ද, නාලන්ද, විශාකා වගේ පාසල් වලට යන්න තිබුණු එකම අවස්ථාව නැතිවෙනවා. තීරණය පිලිබඳ නැවත සලකා බලනවානම් ලොකු දෙයක්.
බොහොම හොදයි. දරුවන්ගේ ළමා කාලයේ දරුවෙකුට දරාගන්න බැරි පීඩනයක්. පාසැල නිම වෙලා ගෙදර ඒමක් නැ එතැනින්ම අමතර පන්තියට. මගේ දරුවෙක් මානසිකවම වැටුණා. අම්මලට මේක තරගයක් කරගෙන, මුළු ශක්තියම ඒකට යෙදෙව්වා. දැන් අධ්‍යාපනයට කිසි උනන්දුවක් නැ. හුගක් පියවරු මෙයට විරුද්දව කතා කරනවා, ගෙදර සාමය ගැන හිතලා අකමැත්තෙන් හරි නිහඩ වෙන්න වුනා. දරුවා සාමාන්‍ය පෙළ විභාගයටයි සුදානම් කල යුත්තේ. ඉගෙන ගන්න දරුවා කොයි පාසලත් ඔට්ටුයි. ඔය ගමේ පාසලේ ඉගෙන ගත්තු දරුවෙක් නාසා එකේ දක්ෂම විද්‍යාඥය වුනේ
මීට අවුරුදු විස්සකට කලින් ගතයුතුව තිබූ තීරණයක්.
ඉඳල හිටලවත් හොඳ දෙයක්
හොද ඉස්කෝල vs නරක ඉස්කෝල දැනුම මිනුම ළමයි 10,10 අරන් තරග පරීක්ෂණයක් තියන්න ,නරක ඉස්කෝලේ ළමයි ලකුණකින් හෝ ඉදිරියෙන් හේතුව :පන්තියේ ළමයි ටිකයි ගුරුවරුන්ට යොමු වීම පගසුයි. අම්මල හොයන්නේ ගොඩනැගිලි වැඩියෙන් තියෙන නාන තටාකේ ඇතුළුව ළමයි 7000 ක් 8000 ක් ඉන්න ප්‍රසිද්ද ඉස්කෝලයක් . ප්‍රසිද්ද නම් ඒ හොදටම ඇති !
ජනප්‍රිය පාසල් සංස්කෘතිය ලංකාවට ලැබුනේ සුද්දන්ගෙනි. අද පාසල් වලින් වලින් ඉවත්වී රැකියා වලට අයැදුම් කරද්දීත්, ජනප්‍රිය පාසලේ ඉගෙනගත් අයට වැඩි සැලකිල්ලක් දැක්වේ. දේශපාලනයේ පවා පාසල් මත පදනම් වූ කල්ලි දකින්ට තිබේ.
හොද තීරණයක් එක එක්කෙනාගේ අදහස් ගැන හිතනවට වඩා මනෝ වෛද්‍යවරු මේ කුඩා දරුවෝ ගැන කියන දේ අහලා මේක නතර කරන එක හොදයි
හොඳ තීරණයක්. ඒත් කොහොමද ගමක ළමයෙක් නගරයක පාසලකට යන්නේ.
වටිනාකම ඉතා ඉහළයි.දරුවන්ගෙ ළමා ලෝකය ලැබීම හරි සතුටක්. ඒ වගේම අනාගතේට නිරෝගි දරුපිරිසක් බිහිවෙයි. 5 විබාගය සමත් වූ සැනින් ලෝකය ජය ගන්න බෑ. ගමේ පාසල් සංවර්ධන වැඩසටහන් ඇති කල යුතුයි. ජනාධිපතිතුමා ගත් වටිනා තීරණයක්. හදවතින්ම අගේ කල යුතුයි
එහෙම කරනවානම් ඒක හොඳයි. හැබැයි ඊට කලින් දක්ෂ දුප්පත් දරුවන්ටත් නගරයේ පහසුකම් සහිත පාසල් වලට ඇතුලත් වෙන්න පුළුවන් මාර්ගයක් හදල ඉන්න ඕනේ'...............
ශිෂ්‍යත්ව විභාගය පමණක් නොවෙයි දරුවන්ට වැඩිම පීඩාවක් ඇතිවෙන ටියුෂන් පංති ක්‍රමයත් නැතිකල යුතුයි බොහෝ පාසැල්වල ගුරු බවතුන් යැයි කියා ගන්නා උදවිය කිසිම නිවාඩුවක් වත් නොදමා පාසැලෙන් බැහැරට ගොස් උපකාරක පංති පවත්වා සවස නැවත පාසැලට පැමිණ පිටවීම සටහන් කර පිටත්වන තත්වයන් තියෙනවා. ආයතන සංග්‍රහය අනුව සේවයෙන් බැහැර කාලයේ උපයන මුදල්වලින් කිසියම් ප්‍රමාණයක් රජයට ගෙවීමට මෙන්ම සේවා කාලයෙන් බැහැරව කටයුතු කිරීමට අමාත්‍යාංශ ලේකම්ගේ අවසරය ගතයුතු වුවත් කිසිවෙකු ඒවා කරන්නේ නැහැ.මම දන්නා ජාතික පාසැලක උසස්පෙළ පංති ගුරු යුවලකගේ (දෙදෙනාම ඔවුන්ගේ දරුවා උගන්නා වීෂයය උගන්වන ගුරුවරුය) දරුවාද ටියුෂන් යැවීම කලා.මේ අනුව බලනවිට දරුවන් මුදල් ගෙවා ඉගෙන ගන්නා අතර නිදහස් අධ්‍යාපනයෙන් සිදුවන්නේ ගුරු භවතුන්ට වැටුප් ගෙවීමද කියා සිතෙනවා පාසැල්වල හරියට උගන්වනවානම් ටියුෂන් අවශ්‍ය නැහැනේද
අර ඔබතුම කලින් ගත්ත තීරණ (ඇස්බැස්ටෝස්, ග්ල්ය්ෆොසෙට් තහනම, කුඩු ජාවාරම් කාරයන්ට නියම කල මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම ) වගේ හොඳ අදහසක් , නමුත් කණගාටුවට කාරණය වන්නේ මෙයද අනිවාර්යයෙන් තව දවස 2-3 කින් ඔබතුමාට අමතක ව යනු ඇත . පුලුවන්නම් මෙම කාරණය කැබිනට් පත්‍රිකාවක් මගින් පාර්ලිමේන්තුවට ගෙන සම්මත කරන්න ,
මේ මනුස්සයට කරන්න වෙන වැදගත් වැඩක් ඇත්තෙම නැද්ද? ඇමති කෙනෙක් කරන්න ඕන වැඩ ගැන සංදර්ශන ද දා ඉන්නවා විතරයි.
මෙය ඉතා හොද තීරණයක් අද ඉන්නේ රොබෝ වගේ දරුවන් පරිසරය ගැන කිසි දැනුමක් නැත. ගම ගැන, ගමේ මිනිස්සු ඇදුරන් නේ නැත . කුඩා කලසිටම ටියුෂන් ,ටියුෂන්. ශිෂ්‍යත්ව විභාගය ට පස්සේ අරන්දෙන මොබියිල් ෆෝන් එක ඔබ ඔබා කාමයට වෙලා ඉන්නවා . අනාගතයට ලෙඩ්ඩු බෝවෙනවා .
තීරණේ හොදයි ඒත් ඊට කලින් ගන්න ඕන තීරණ ටිකක් තියෙනවා. ඒ තමයි ගමේ ඉස්කොලේ යන දරැවන්ට පහසුකම් සහිත හොද දක්ෂ ගුරැවරැ සහිත පසලක් ගමේ තිබෙනවද කියන එක. නැත්නම් සල්ලි තියෙන මිනිස්සුනගේ ළමයි පහසුකම් සහිත පාසල් වලට යද්දි දුප්පත් ළමයි එක තැන පල්වේවි. ඇමති වරැන්ගේ ළමයි ගමේ පාසලට එවනවද? ගමේ පොඩි පාසලකට ළමයි යවන එක පලාත්සභා මන්ත්‍රී කෙනෙක් ඉන්නවද?
ජනාධිපතිතුමණි, ශිෂ්‍යත්වය සමත්වන්නේ ඉදිරිපත්වන දරුවන්ගෙන් 14% පමණ තමයි ඒ අය අතුරෙන් විශ්ව විද්‍යාලයට එයට වැඩි ප්‍රතිශතයක් ඇතුළු වන්නේ කොහොම ද? ශිෂ්‍යත්වය සමත් ලකුණ තීරණය වන්නේ රජය අයවැයෙන් ආධාර දෙන ප්‍රමාණය මත. අනෙක් අතට විශ්ව විද්‍යාලයට යාම අධ්‍යාපනයේ උපරිම ඵලය ද? අධ්‍යාපනය හා එහි ඛේදවාචකය ශිෂ්‍යත්ව විභාගයට පමණක් ලඝු නොකරන්න.
මෙහි අවසාන අරමුණ ගමෙන් ප්‍රධාන පාසල් වලට එන ළමයි නැවැත්වීමයි. සාපෙළ අසමත් අයට උසස්පෙළ කිරීමට දීමෙන් දැන් සාපෙළ සමත්වෙලා වෙනත් පාසලක් ලබාගැනීමට නොහැකියි
කලයුතු දේ නොකර , ඊට විරුද්ද දේ කරන ආණ්ඩුවකින් බලාපොරොත්තු විය යුතු දෙයක්. හරිනම් කරන්න ඕන ජාතික පාසල් වල ප්‍රථමික අංශ ඉවත් කර ශිෂත්වය පාස් වෙන යට වැඩි අවස්ථාවක් ලබාදීමයි . එතකොට සමත් වෙන ලකුණු මට්ටම 100 ට අඩුවේවි
දුප්පත් ගමේ ළමුන්ට ඉතා අසාදාරනයක්. ඒ අයට නගරයේ, ගාල්ල මාතර නුවර වගේ හෝ රෝයල්, ආනන්ද, නාලන්ද, විශාකා වගේ පාසල් වලට යන්න තිබුණු එකම අවස්ථාව නැතිවෙනවා. මමත් ඒක ෆේල් නුමුත් මගේ ලොකු අක්ක සහ පව්ලේ ගොඩක් දෙනෙක් පාස් නිසා , මටත් ඉගෙනගැනීමට උනන්දුවක් ලැබූන .
පය බරවායට පිටිකර බෙහෙත් බැන්දා වගේ කතාවක්නේ මේ. ශිෂ්‍යත්වයට ළමයි මහන්සි කරවන්නේ දෙමව්පියන්. හේතුව සම්පත් විෂමතාව. ළඟම පාසැල හොඳම පාසැල සංකල්පය හරියට ක්‍රියාත්මක කරන එකයි විසඳුම.
මේක හොද වැඩක්. මොකද කියනවනම් දරුවෙක් ස්වාදීනව වර්දනය වෙන්න කලාකාමී , පරිසරයට ලැදී මිනිහෙක්වෙන්නනම් ඒවාට බාහිර ක්‍රියාකාරකම් වල යෙදෙන්න ඕන. දැන් බුද්දීමත්තු ඉන්නවා ..කෝ නිර්මාණශීලී මිනිස්සු . දැන් ළමා මානසික රෝගියෝ කොයි තරම් ඉන්නවද? කෙටි කෑම සංස්කෘතිය බිහිවෙන්න ප්‍රදානම හේතුව මේ අම්මලට වෙලාවක් නැතිකම. ඉතින් පුංචි කාලෙම ලෙඩ වෙනවා. අනික බලන්න හෙළි නොවූ ළමා අපචාර, අම්මලාගේ තාත්තල පන්ති ලග දාන අනග රැගුම් . කෝ පව්ලේ සතුටක්.. මේ හැමදේම මේ තරගය නිසයි . ඉගෙන ගන්න එකා කොහොමත් ඉගෙනගන්නවා.මම ගමේ ඉස්කෝලේ ගියේ ශිෂ්‍යත්වයට ලකුණු 61යි . අද මම මහාචාර්යවරයෙක් . සාර්ථක ව්‍යාපාරිකයෙක් . සංගීත වේදියෙක් . මිනිහෙක් වෙන්න ආනන්ද නාලන්ද නෙවෙයි. මිනිහෙක් හිතන විදිය තමා හදන්න ඕන.ආකල්ප හදන්න ඕන නැතිව ස්විමින් පූල් නෙවයෙි.
හොද අදහසක්. ජනප්‍රිය පාසල් කරන්නේ ගමේ පාසලෙන් ඉහලින් සමත්වෙන ළමයින් අරගෙන A /L සමත් උනහම එයාලගේ පාසලේ ළමයින් ලෙස ලෝකයට යවනවා ඔවුන් කරන්නෙත් තමන්ගේ පන්තියක් හදාගන්න ඕල්ඩ් බොය්ස් හෝ ඕල්ඩ් ගර්ල්ස් එකක් හදාගෙන ළමය ඒ පාසලටම දාන්න හදනවා. රැකියාවකට යනකොට ඉහල පුටුවේ ඉන්න අය තම පාසලේ කෙනෙක් කියල කෙනෙකුට සලකනවානම් එක වැරදියි. සුදුස්සාට සුදුසු තැන ලැබෙන්න ඕනේ. ඒවගේම ගමේ ළමයටත් ආනන්ද රෝයල් එකට ලැබෙන පහසුකම් ලැබෙන්න ඕනේ. මම කණගාටු වෙනවා මගේ ළමය ගෙදර ලග පාසලට දාන්න බැරිඋනා රජයේ අලුත් නීති නිසා.
මෙහෙමනේ වැඩේ. ගමේ පාසල් පුලුවන්ද ඔය රෝයල් ආනන්ද විසාකා වගේ මට්ටමට ගෙන එන්න? එක උදාහරණයක් ගන්න. ඔය කොළඹ ඉස්කෝලවල පිහිනුම් තටාකේ ගමු . ඕක නඩත්තු කරන්න ඒ උදවියට ඕනි තරම් සල්ලි ගලාගෙන එනවා. ඉතින් ඒ කටයුතු හොඳින් කෙරෙනවා. නමුත් ගමේ පාසලකට ඒ විදිහේ පහසුකමක් තිබ්බත් ඒවා නඩත්තු කරගන්න විදිහක් ඊට පස්සේ වෙන්නේ නැති නිසා ඒ පාසල් හැමදාම එක තැන.
ශිෂ්‍යත්ව විභාගය වැඩ්පාපුරම පාස් වෙන්නේ දක්ෂ ළමයි නෙමෙයි. වැඩියෙන්ම කට පාඩම් කරන්න පුළුවන් ළමයි. පසුගිය දත්ශිත වලට අනුව ෂ්‍යත්ව විභාගය පාස් වෙ අයගෙන් 2% වත් කැම්පස් යන්නේ නැහැ. මෝඩ ්අම්මමලා ළමයින්ව තලනවා පෙලනවා ශිෂ්‍යත්ව විභාගය නිසා
ආනන්ද නාලන්ද රෝයල් නිකන්ම වැටෙනවා මේ ක්‍රමය තුලින්. ගමේ පාසලක ඉහලින් දක්ෂතා දක්වන ළමයි තමයි ඔය කොළඹ ඉස්ස්කොලවල නම ගෙනියන්නේ. අධ්‍යාපන පමණක් නොවේ බාහිර ක්‍රියාකර කම්වලට සම්බන්ද ඉහලින් දක්ෂ ළමයින්වත් මේ ඉස්කෝලවලින් ගන්නවා. ඊටපස්සේ තමයි මේගොල්ලෝ රෝයලිස්ට් ආනන්දියන් නාලන්දියන් විසාකියන් තෝමියන් වෙන්නේ. අනේ කවුද දරදිය අදින්නේ?
එතකොට අපේ ගමේ දක්ෂ ළමුන්ට රෝයල් විශාකා වගේ ඒවාට යන්න තිබුණ එකම මාර්ගය නැහැ ඔය කව්රු කොහොම කිව්වත් ඕක වදයක් කරගෙන තියෙන්නේ තමන්ගේ දරුවා හද තැනකට ගේන්න. මගේ දෙන්නම ඔය පාසල් දෙකට ගියේ ශිෂ්‍යත්වය සමත් වෙලා... මම දන්නවා ගමේ පාසල සහ ඒවා අතර වෙනස අහසට පොලොව වගේ ඒ වගේම තමා රැකියාවකට ගියත් ඉගෙනගත්ත පාසැල මිසක් ඉගෙනගත්තේ මොනවද අහන්නේ නැහැ කවුරුත් කැමති තමන්ගේ දරුවෝ හද තැනක ඉන්නවනම් . මගේ පෞද්ගලික මතයනම් විභාගය අහෝසි කරනවානම් ඒ පාසල් වලට හැම ළමයෙක්ටම යන්න පුලුවන්වෙන් ක්‍රමවේදයක් හදල දෙන්න මොකද අනික් පාසල් ඔය මට්ටමට ගෙන එක මේ කපේදී කෙරෙන්නේ නැහැ . ගමේ පාසලේ ඉගෙනගෙන ගොඩක් ඉහළට යන එක බොහොම කලාතුරකින් වෙන්නේ...
ඊට කලින් ගමේ පාසල් වලට පහසුකම් දීලා ඉන්න. නගරයේ ජනප්‍රිය පාසල් වල තියෙන පහසුකම් වලින් 10%ක් වත් තියෙනවද ගමේ පාසල්වල? දක්ෂ ගුරුවරු නැහැ. ගොඩනැගිලි නැහැ. පුස්තකාල, විද්‍යාගාර, පරිගණක, ක්‍රීඩා පහසුකම් මොනවත් නැහැ. ඩෙස්, පුටු ළමයි ගෙදරින් ගේන්න ඕන. වැසිකිලි පහසුකම් ඇත්තෙම නැහැ. සමහර පාසල් වල ළමයින්ට බොන්න පිරිසිදු වතුර ටිකක්වත් නැහැ. රජයේ මුදල් වැය කරන්නෙත් ජනප්‍රිය පාසල්වල පිහිනුම් තටාක, ශ්‍රවණාගාර හදන්න. මේ විෂමතාවයන් නැති කරලා ඉන්න. ගමේ අහිංසක දුප්පත් දෙමව්පියන්ගේ දක්ෂ දරුවන්ට ඉදිරියට එන්න තියෙන එකම අවස්ථාවත් අහිමි කරන්නේ නැතිව.
අහිංසක දක්ෂ දුප්පත් දරුවන්ට ශිෂ්‍යාධාර මුදල් මෙන්ම සුපිරි පාසල් ලබා ගැනීමට තිබුණු එකම අවස්ථාවත් මෙයින් අවසන් වෙනවා. ඒවගේම බලය ඇතිඋන්ගෙ සහ දේශපාලකයින්ගෙත් උන්ගෙ හිතවතුන්ගෙත් දරුවන්ට ලොතරැයියක් ඇදුනා වගේ වැඩක් මේකෙන් වෙන්නෙ. මේක ළමුන්ට ළමා කාලය ලබා දෙනව කියන සීනි බෝල පෙන්නා දිළිඳු දරුවන්ට ඇති අවස්ථාව අහිමි කිරීමේ සැළැස්මක්.
මේ කාලයේ කතා කරන්න මාතෘකාවක් තිබුණේ නෑ නේ එක නිසා හොඳයි දුප්පත් දක්ෂ ළමයින්ට වල කපන්න නේ මේ හදන්නේ
ලොකු ලොකු ජනප්‍රිය පාසල් වල නමත් වෙනස් කල යුතුයි. ලෝකයේ සංවර්ධිත රටවල් තිබෙනවා ඉස්කෝල වලට නම් නැති. ඒ ඉස්කෝල වලට තිබෙන්නේ අංකයක්. නමුත් පහසුකම් එක සමානයි. ඒ නිසා ලංකාවේ වගේ ජනප්‍රිය පාසල් කුලප්පුවක් ඒ රටවල් වල නැහැ. ඒ නිසා හැම ළමයෙක්ම අධ්‍යාපනයට වගේම ක්‍රීඩාවට හා කලාවට යොමු වෙනවා. මෙවැනි පරිවර්තනයක් ලංකාවේ කිරීමට හැකිදැයි සැක සහිතයි. හේතුව ආදී ශිෂ්‍ය සංගම් නිසා. අවම වශයෙන් රාජකීය 1, රාජකීය 2, රාජකීය 3, විශාකා 1, විශාකා 2, විශාකා 3 වශයෙන් ජනප්‍රිය පාසල් නාමයන් සෑම පාසලකටම ආදේශ කළහොත් මේ කුලප්පුව හා මේනියාව තුරන් කල හැකියි.
ශිෂත්ව විභාගය නැවතීමට පෙර ශ්‍රී ලංකික පරිසරය කොටස් 2ක් පිළිබද වෙන වෙනම අවබෝධ කරගත යුතුය. 1.අර්ධ නාගරික පරිසරය පළමු වසර සදහා හොද පාසලක් ලබා ගැනීමට දෙමුපියන් නොවිදින උත්සහයක් නැත. නමුත් උසස් ජාතික පාසලක් ලබාගත හැක්කේ සීමිත පිරිසකට පමණි. නිවැරදි ක්‍රමයට පාසලකට ඇතුලත් වීමට නොහැකි බොහෝ ළමුන් මෙම සීමිත පිරිසට ඇතුලත්ව පාසල් ලබාගනී. ඒ පිළිබද කොපමණ නීති තිබුණද ඒ සියල්ලට රහසින් ඇතැම් ළමුන් පාසල් වලට ඇතුලත් වෙයි. පාසල් නොලැබෙන දෙමුපියන්ට අන් මගක් නැත. ශිෂත්ව විභාගය සමත්කර දරුවන්ට හොද පාසලක් ලබාදීමට අසීමිත බරක් ළමුන්ට පටවයි. උපකාරක පන්තිවලද සීමාවක් නැත. සෙල්ලම් කලයුතු කාලය ඇත්තෙම නැත. එය සැබවින්ම මානසික පීඩාවකි. 2. ගැමි පරිසරය බොහෝ දෙමුපියන්ට විභාග ගැන අවබෝධයක් නැත. ඔවුන්ට කල හැක්කේ ළමුන් පාසලට යැවීම පමණි. නියම කැපවීම ඇති ගුරුවරු දක්ෂ ළමුන්ගේ හැකියාව දකිති. ඔව්න් දරුවන්ට උගන්වති. මෙම ළමුන් ළමා කාලය විදිති. සෙල්ලම් කරති. මව්පියන් සමග කුඹුරු වැඩ පවා කරති. එසේම දක්ෂ දරුවන් විභාගය සමත් වෙති. එලෙස විබාග සමත් බොහෝ පිරිස් ශිෂත්වය නිසා ජීවිතයම වෙනස් කරමින් බොහේ උසස් රැකියාවල නිරිත වෙති. ඒ අනුව
මෙහි පැති කඩ ගොඩක් තියෙනවා. අපි මේ සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කරන්න ඕනේ. නමුත් සමස්තයක් ලෙස ගත්තොත් මම හිතන හැටියට මෙය ඉතාමත් හොද තීරණයක්. කුඩා මනසට ඔරොත්තු නොදෙන තරම් පීඩනයක් යොමු කරනවා හොද පාසලක් ලබා ගැනීම පිණිස. ළමා කාලය ඔවුන්ටත් නොදනිම අපි හොරෙන් අරන්. අවරුදු දහයක් කියන්නේ හුරුබුහුටි සෙල්ලම් වයස. පාසලේ අමතර පන්ති, ටියුෂන් පන්ති අතරේ ළමා කාලය ගැට ගහලා අපිත් ජනප්‍රිය පාසල් මත්තෙම වල් මත් වෙලා. අමතර වියදම් නිසා ඇතිවෙන පීඩනය කොතරම්ද? කිව්වත් වගේ ඉගෙන ගන්න දරුවා කොහේ හිටියත් ඉගෙන ගන්නවා තමන්ට උවමනාවක් තියෙනවනම්. මෙයට දෙමාපියන් සහයෝගය දුන්නත් ඇති. අපිත් ශිෂ්‍යත්ව ලිව්වා. නමුත් මෙහෙම දුක් වින්දේ නැහැ. මානසික පීඩාවන් ලැබුවේ නැහැ. ටියුෂන් නැහැ. අමතර පන්ති තිබුනද කියලා මතකත් නැහැ. වැඩි හරියක් හිටියේ පිට්ටනියේ නැත්නම් වෙලේ සරුංගල් යව යව. කෝ මේ ළමා කාලය දැන් දරුවන්ට? කව්ද මේවට වග කියන්න ඕනේ. අපිම නේද? තරගකාරිත්වය තියෙනකම් අපිත් දුවනවා. නැතිනම් අපිත් නවතිනවා. ඒ නිසා මම නම් හිතන්නේ මෙය කාලෝචිත ඉතාමත් හොද තීරණයක් හැටියට. ඒ වගේම මෙය අවශ්‍යයි කියන තර්කයත් අමතක කල නොහැකියි.
මෙහි පැතිකඩ ගොඩක් තියෙනවා. අපි මේ සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කරන්න ඕනේ. නමුත් සමස්තයක් ලෙස ගත්තොත් මම හිතන හැටියට මෙය ඉතාමත් හොඳ තීරණයක්. කුඩා මනසට ඔරොත්තු නොදෙන තරම් පීඩනයක් යොමු කරනවා. හොඳ පාසලක් ලබා ගැනීම පිණිස. ළමා කාලය ඔවුන්ටත් නොදැනීම අපි හොරෙන් අරන්. අවුරුදු දහයක් කියන්නේ හුරුබුහුටි සෙල්ලම් වයස. පාසලේ අමතර පන්ති, ටියුෂන් පන්ති අතරේ ළමා කාලය ගැට ගහලා අපිත් ජනප්‍රිය පාසල් මත්තෙම වල්මත් වෙලා. අමතර වියදම් නිසා ඇතිවෙන පීඩනය කොතරම්ද? කිව්වත් වගේ ඉගෙන ගන්න දරුවා කොහේ හිටියත් ඉගෙන ගන්නවා තමන්ට වුවමනාවක් තියෙනවා නම්. මෙයට දෙමාපියන් සහයෝගය දුන්නත් ඇති... අපිත් ශිෂ්‍යත්ව ලිව්වා. නමුත් මෙහෙම දුක් වින්දේ නැහැ. මානසික පීඩාවන් ලැබුවේ නැහැ. ටියුෂන් නැහැ. අමතර පන්ති තිබුණද කියලා මතකත් නැහැ. වැඩි හරියක් හිටියේ පිට්ටනියේ නැත්නම් වෙලේ සරුංගල් යව යවා. කෝ මේ ළමා කාලය දැන් දරුවන්ට? කව්ද මේවට වග කියන්න ඕනේ. අපිම නේද? තරගකාරීත්වය තියෙන කම් අපිත් දුවනවා. නැතිනම් අපිත් නවතිනවා. ඒ නිසා මම නම් හිතන්නේ මෙය කාලෝචිත ඉතාමත් හොඳ තීරණයක් හැටියට. ඒ වගේම මෙය අවශ්‍යයි කියන තර්කයත් අමතක කළ නොහැකියි...
වරින්වර දේශපාලකයන්, දරුවන් මොට කරන තීන්දු තීරණ ගන්නවා. වරක් ඉංග්‍රීසි එපා කියා කිව්වා. තව වරක් ලියන්න කියන්න තරම් ඉංගිසි දැනුමක් තිබුණාම ඇති කියා 1970දී ඉංග්‍රීසි විෂය ලිහිල්කල (ඕ.ලෙ) චක්කරය පාඩම් කරන්න අවශ නැහැ කියා ළමුන්ගේ ගණිතය දැනුම දුර්වල කළා. 5 වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීමෙන් දෙමාපියන් ඉගෙනීමට දරුවන් උනන්දු කිරීම නැතිව යනවා.
මීට බොහෝ කලකට පෙර ශිෂ්‍යත්වය සමත් දරුවන්ට මෙබඳු පීඩනයක් තිබුනේ නැත. හේතුව එකල මව්වරුන්ට තමන් කුමන අධ්‍යාපන මට්ටමක සිටියද විචාර බුද්ධිය පිහිටා තිබු බැවිනි. අවාසනාවට අද කාලයේ සමහර මව්වරුන්ට නැත්තේම මෙයයි. ගුරුවරියක වූ මගේ අම්මා මම ශිෂ්‍යත්ව විභාගයට ලියන බව පමණක් දන සිටි අතර කිසිම දිනෙක මගේ පසුපස කැරකෙමින් පාඩමට බල කිරීම හෝ දවස පුරා අමතර පන්ති දක්කාගෙන යාම නොකලාය . මට පාසලෙන් පසු සෙල්ලම් කිරීමට , ගුවන් විදුලියට සවන් දීමට , චිත්‍ර ඇඳීමට ඕනා තරම් ඉඩ ලැබිණි. නෑදෑයන්ගේ මගුල් ගෙවල් දාන ගෙවල් කිසිවක් ඇත ඇරුනේ නැත. එකල විනෝද ගමන් වන්දනා ගමන් යාම , හවසට ගාලු මුවදොර සරුංගල් අරින්න යාම , බෙරේ වැවේ ළමා දුපතට යාම විනෝද ජනකය . ඉතා ප්‍රීමත් ළමා කාලයක් ගත කල මම බොහොම සැහැල්ලුවෙන් ශිෂ්‍යත්වය සමත්ව ලංකාවේ ජනප්‍රියම බාලිකාවට ඇතුලත් වුනේ කිසිදු මානසික ආතතයකින් තොරවය. කල යුත්තේ විභාග අවලංගුව නෙවෙයි. අම්මලාගේ මොලය සුද්ද කර දක්ෂ ළමයින්ට හොඳ පාසලක් ලබා දීමය. හොඳයි ඊළඟට අම්මලාගේ ආතතිය කියලා උසස් පෙළත් අවලංගු කරන්න පුලුවන්ද . ?
ඇත්ත නම්, පනප්රිය පාසල් වලින් දක්ෂ දරුවන් බිහි කරනවා නොව, දක්ෂ දරුවන් විසින් ජනප්‍රිය පාසල් බිහි කරනවා යන්නයි. ශිෂ්‍යත්වයෙන් එන දක්ෂ දරුවන් නැති විට ජනප්‍රිය පාසල්ද නැතිවී යනු ඇත.
ඔය අදහස අගමැති තුමා සහ අධ්‍යාපන ඇමති තුමා ඉදිරිපත් කරලා ගොඩක් කල්. ඕව කියවා කියව ඉන්නේ නැතිව ක්‍රියාත්මක කරන්න ඕන. ලෝකයේ දියුණු රටවල් සම ළමයෙකුටම වසර 13ක් පාසල් යනවිදියට මෙම ක්‍රමය සකස් කරලා තියෙන්නේ.
ඉතා හොද වැඩක්. විශාකා රෝයල් වලට යන්න ඉන්න ළමයි ගමෙන් ලෝකය දකීවි. දරැවා දෙමාපියන්ගෙන් පවා වෙන් කරන නරක විභාගයක් මේක. ළමයා පන්තියට දාලා අම්මලා තාත්තලා කාමර ගානේ ඇවිදින්න ඉඩ හදන විභාගයක් මේක. ඉක්මනින් ඉවත් කරන්න ජනපති තුමනි මෙම විභාගය. අපේ රටේ ගුරුවරුත් නිදහසේ හුස්ම ගනීවි.
හොඳයි....
හොද වැඩක්.