(සුජිත් හේවාජුලිගේ)
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අරඹා ඇත.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් කොමිෂන් සභාව හමුවට හෙට (26) කැඳවා ඇතැයි එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.
ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවන්ට ඉන් සිදු වූ බලපෑම සහ ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සලකා බලන බවද ඔහු සඳහන් කළේය.
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා විමර්ශන අාරම්භ කළේය.
එම විමර්ශනය අවසන් වන තෙක් ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තාවකාලිකව අත්හිටුවනු ලැබීය.
2025 දෙසැම්බර් මස 30
133
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
756
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට