
(ඩයනා උදයංගනී)
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ද මේ වන විට නිකුත් කර තිබේ.
ඒ අනුව මෙවර විභාගයෙන් සමත්වීම සඳහා කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ වන්නේ 152 කි.
එම දිස්ත්‍රික්කවලට අදාළ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණ149 ක් වන අතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අදාළ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ 148ක් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල යන දිස්ත්‍රික්ක සදහා වන සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ ලකුණු 146 ක් වන අතර, අම්පාර, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍යයට අදාළ කඩඉම් ලකුණ 145 කි.
වව්නියාව දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍යයේ කඩඉම් ලකුණ 142 වන අතර එම දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍යයේ කඩඉම් ලකුණ ලෙස මෙවර දැක්වෙන්නේ ලකුණු 147 කි.
මේ අතර යාපනය, කිලිනොච්චිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලට දෙමළ මාධ්‍ය සිසුන්ගේ කඩඉම් ලකූණ 148 ක් බව ද විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd