(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත් වු උද්ඝෝෂණයක් අතුරතුර පොදු දේපළ වලට පහර දී අලාභ හානි කළැයි කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ ශිෂ්‍ය සංගම් නියෝජිතයෙක් වන ඩිල්ශාන් විජේසිරි යන දෙදෙනා තලංගම පොලීසිය විසින් අද (2) පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදි.
ඔවුන් දෙදෙනා ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ඊයේ පස්වරුවේ තලංගම පොලීසියට කැඳවා ඇති අතර, නීතිඥවරයකු සමග ඔවුන් පොලිසිය හමුවට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පසුගිය ජුලි මස 10 වනදා අධ්‍යාපන අමාත්‍යංශය අසල පැවති උද්ඝෝෂණයක් අතරතුරදී එහි ගේට්ටුවකට හානි කිරීම සහ , එදින රාජකාරියේ නිරත පොලිස් නිලධාරියකුගේ නිළ ඇදුම ඇද එය ඉරා පොලිස් රාජකාරියට බාධා කර ඇති බවත්, පොදු දේපළ පනත යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන හෙට (3) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ 10000කට උසස්වීම් දුන්නේ ඉතින් වැඩ කරගන්නනේ...