IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

 අරගල කරුවන් විසින්  2022 දී ගිනිබත්  කර විනාශයට පත් කළ කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා       රජයේ නිලධාරීන්ට   බලපෑම් කර වන්දි ලබාගත්තේ යැයි කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම  මහතා අද නියෝග කළේය.

සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්  ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා  මෙසේ  සැකකරු යළි රිමාන්ඩ් භාරයට පත් කිරීමට  නියෝග කළේය.

කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ පැවති දේපල ගිනිබත් කිරීමෙන් සිදුවූ අගතියට  රුපියල් 885000ක වන්දි මුදලක් රජයේ නිලධාරීන්ට බලපෑම් කර ලබා ගනිමින් රාජ්‍ය දේපළ  සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන්    හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහි අල්ලස් කොමිසම පැවරූ විමර්ශනය කැඳ වූ අවස්ථාවේදී  මෙම නියෝගය නිකුත් කළේය.

 



අදහස් (2)

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Monday, 22 September 2025 03:44 PM

දැන්නං හුස්ම හිරවෙන්නේ නැතිව හොඳට නින්ද යනවා ඇති...අපිට ගුණදාස කපුගේ ශුරීන්ගේ "නින්ද නැති රැයේ " ගීතය මතක් වුණා. ළඟක හිටියනං අපි දෙන්නට දෙපැත්තේ ඉඳන් කණට මුමුණන්න තිබ්බා නින්ද යනකල්...

:       45       7

Nihal Monday, 22 September 2025 09:44 PM

බලාගෙන යනකොට පවුල්වල සාමාජිකයන් ඔක්කොම ගේම් කාරයෝ...අපිත් යුතුකම් ඉටුකරන්න කියලා ගෝථාභය මහතා දක්වාම ඡන්දය දුන්නා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site