
(රෝෂන් තුෂාර)
අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කර විනාශයට පත් කළ කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා රජයේ නිලධාරීන්ට බලපෑම් කර වන්දි ලබාගත්තේ යැයි කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.
සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ සැකකරු යළි රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කළේය.
කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ පැවති දේපල ගිනිබත් කිරීමෙන් සිදුවූ අගතියට රුපියල් 885000ක වන්දි මුදලක් රජයේ නිලධාරීන්ට බලපෑම් කර ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහි අල්ලස් කොමිසම පැවරූ විමර්ශනය කැඳ වූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නං හුස්ම හිරවෙන්නේ නැතිව හොඳට නින්ද යනවා ඇති...අපිට ගුණදාස කපුගේ ශුරීන්ගේ "නින්ද නැති රැයේ " ගීතය මතක් වුණා. ළඟක හිටියනං අපි දෙන්නට දෙපැත්තේ ඉඳන් කණට මුමුණන්න තිබ්බා නින්ද යනකල්...
බලාගෙන යනකොට පවුල්වල සාමාජිකයන් ඔක්කොම ගේම් කාරයෝ...අපිත් යුතුකම් ඉටුකරන්න කියලා ගෝථාභය මහතා දක්වාම ඡන්දය දුන්නා...