(අංජුල මහික වීරරත්න)

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වාරිමාර්ග හා ජල සම්පාදන  රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද (31)  දිවුරුම් දුන්නේය.

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යධුරය ලබා දී ඇත්තේ දැනට ඔහු දරන වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරවයි.

සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ධුරය පුරප්පාඩු විය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.