
(රෝෂන් තුෂාර)
මහවැලි අධිකාරියට අයත් රජයේ දේපළකට අරගල සමයේදී කළ අලාභයකට වන්දි මුදල් ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මෙම 19 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළාය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දේපොළක් බවට හඳුනාගෙන අදාළ වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබිය දී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ සමහර රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් කිරීම ඇතුළු චෝදනාව යටතේ මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
1999 අංක 28 දරණ පනතින් සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපොළ විෂයෙහි සිදුකරනු ලබන වැරදි පිළිබඳ 5(1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගොන් වැඩක් කරපු හොරෙක් දැක්කාමයි
කොහොමද අහිංසක ජනතාවගේ බදුමුදල් හොරාකෑමේ රඟේ. අපේ පළපුරුදු තුමාට පුංචි ජන්දේ තියන්න සල්ලි නැතිවුණාට හොරකන්නන්ට සුටුස් ගාලා ගෙවන්න සල්ලි ඕසේට තිබිලානේ
දුන් කතිරයට සාධාරණයක් ලැබෙමින් ඇත . මොන තරම් දූෂිත ආණ්ඩුවක්ද? ලංකාවට මේ රාජපක්ෂ පවුල ශාපයක්.
වලව්වෙන් බත් ගෙන්වාගන්න ඉල්ලලා නැද්ද ?
ඒ දවස්වල මුන්ගේ තිබුණ රැස්පොට් දැන් බැහැලා, දැන් ඉන්නවා ඇටි කෙහෙල් කෑව උගුඩුවා වගේ ...
තවත් ජන්ද ප්‍රතිඵලයක් ජයවේවා
දුමින්දගෙන් උපදෙස් ගන්නවද??
මේවා දේව ශාප. කතරගම දේවාලෙන් හොරාකාපුවා වමාරපන් දැන්.
හොරාකාපුවා වමාරන්න කාලේ ඇවිල්ලා
කඩයක්වත් බලාගන්න සුදුසුකමක් නැති නුගත්තින්ට රටේ පාලනය බාරදීලා මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?
කරන කලට පව් මීරිය මීසේ.
මට හිතා ගන්න බැ වැරදි දෙයක් කලොත් හිරගෙට යන්ඩ වෙනවායි කියලා දෙන සමහර අය වැරදි කරන්නේ ඇයි කියලා
පව් නේද?
පින්කැට හොරා කෑවට දෙයියෝ බැලුවා.