
(රෝෂන් තුෂාර)
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ලබන ජුලි මස 24 දින සිදු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුෂවිතාන මහතා (25) දින නියම කළේය.
නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.
එච්. චමින්ද නමැති පුද්ගලයකු කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ශෂී වීරවංශ මහත්මිය විත්තිකාරිය කරමින් මෙම නඩුව පවරා ඇත.
රාජ්‍ය ත්‍රාන්තික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා 2010 ඔක්තෝබර් මස 13 දින ව්‍යාජ උප්පැන්නයක් ඇතුළු ලේඛන සහිත ඉල්ලුම්පත්‍රයක් ආගමන විගමන පාලකවරයාට ඉදිරිපත් කිරීම යන චෝදනාව යටතේ මෙම නඩුව පවරා ඇත.
සාක්ෂිකරුවන්ට ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත්වරයා අවවාද කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd