(නාලක සංජීව දහනායක සහ ඩයනා උදයංගනී)
යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා අද (20) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළේය.
මෙම පත්කිරීම හරහා දෙමළ ජනතාව ජීවත්වීමට තිබෙන අයිතිය අහිමි වී යන බවද මන්ත්‍රීවරයා කීය.
මන්ත්‍රීවරයා මෙසේද කීය.
‘‘දෙමළ ජනතාවගේ ඡන්දය ලබාගෙන මේ රටේ වෙනසක් ඇතිකරන්න බලය ලබාගෙන නැවැත ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බව කී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දෙමළ ජනතාවට විරුද්ධව කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිධූරයට පත්කර තිබෙනවා.
මෙම පත්කිරීම භයානක තත්ත්වයක්. මේ තුලින් රටේ තවත් ජනතාවකට නිදහසේ ජීවත්වීමට තිබෙන අයිතිය නැතිකර තිබෙනවා. දෙමළ ජනතාවට මේ රටේ ජීවත්වීමට අයිතියක් තිබෙන බව සිතන සිංහල නායකයන් සිටියයුතු බව අපේ අදහසයි.
නමුත් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධූරයට පත් කිරීමත් සමඟ ඊට වෙනස් දෙයක් අපිට පේනවා. නැවත නැවත යුද්ධ පරිසරයක් තුළ දෙමළ ජනතාව පීඩාවට පත්කරන, උතුරු නැගෙනහිර හමුදා පාලනයක් යටතේ තබාගෙන ඉන්නවා කියන හැඟීම ඉන් ලබාදී තිබෙනවා.
දෙමළ රජවරුන් මේ රටේ යුද්ධ කර තිබෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ කියන්නේ දෙමළ රජකෙනෙක්. ශිව දේවාල 05ක් මේ රටේ තිබෙනවා. මේවා ගණන් ගන්නේ නැතිව සියලු ඉතිහාසයන් විනාශ කිරීමට උත්සාහ කිරීම ඛේදනීය හා භයානක තත්ත්යක් යැයිද සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 17
45
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
879
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ශවේන්ද්‍ර සිල්වාගේ පත්වීම ගැන එස්.ශ්‍රීධරන්ගේ විරෝධය