(එෆ්.අස්ලම්)
නව යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමට ගත් පියවර දෙමළ ජාතිය හෑල්ලුවට ලක්කරන ක්‍රියාවක් බවත් ඒ ගැන දැඩි අප්‍රසාදය පළ කරන බවත් දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.
යුද අපරාධ චෝදනා එල්ල වූ මෙවන් අයකු හට යුද හමුදාපතිධූරය ලබාදීම ගැන කණගාටු වන බවද එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.
යුද හමුදාපතිව සිටි ලුතිනන් ජනරාල් මහේෂ් සේනනානායකගේ විශ්‍රාම යාමෙන් පසු එම ධූරය සඳහා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනාධිපතිවරයා විසින් පත් කළ අතර ඒ පිළිබඳ අප්‍රසාදය පළකරමින් සුමන්තිරන් මහතා මෙම අදහස් පළකර සිටියේය.
මේ පිළිබඳ සුමන්තිරන් මහතා සිය ට්විටර් ගිණුම තුළින් ද අප්‍රසාදය පළකර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ පාලකයින්ට උවමනා නිලධාරීන් පත්කරගන්න බැරි රටක්ද මේක.
විහිලු සැපයීමෙත් සීමාවක් තියෙන්න ඕන !
චෝදනා එල්ලකරන්න කාටත් පුළුවන්. සුමන්තිරන් කොටියෙක් කියලා සමහර මිනිසුන් චෝදනාකලාට ඒක එහෙම නොවෙයිනේ. ඒ නිසාම ඔහුට අප්‍රසාදය පලකරන එක අසාධාරණයි.
ඔයාල ලංකාවම හෑල්ලුවට පත් කරලා ලෝකේ වටේ කියව කියව කරන වැඩ හොදයි. ඔයාලව කොටින්ගෙන් බේරගත්ත කෙනාට පත්වීමක් දෙන එක තමා හෑල්ලුව.
මේ ලංකාවේ ඔය පුද්ගලයා ඇරෙන්න මේ තනතුරට සුදුසු වෙන කෙනෙක් නැහැ .
මෙයාල මොනවටද කැමති වෙන්නේ කියන්නකෝ
මේ පත්වීම සමඟ නැඟෙන විරෝධය එක්කෙනෙකුගේ ඡන්ද ව්‍යාපාරයට හොඳ තල්ලුවක් වගෙයි පෙනෙන්නේ.
ශ්‍රී ලංකා යුද හමුදාවට හුමුදාපති පත් කිරීමේ බලය තියන්නේ ශ්‍රී ලංකා රජයට මිස ටී. එන්.ඒ එකට හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ ඇමෙරිකාවට හෝ නොවේ.
සමහරු ලොස් ඇන්ජලීස්වලට වෙලා මේකේ කමෙන්ට් දමනවා. මෙතුමාට විරුද්ධව නමුත් 30 වසරක යුද්ධයේදී මෙතුමගේ කාර්යභාරය අනගිභවනීයයි. යුද්ධයෙන් මෙහේ අය වින්ද දුක ලොස්ඇන්ජලීස්වලට තේරෙන්නේ නැහැ. ඒ යුද්ධය ඉවර කෙරුවේ මෙතුමා. අනික තමයි ඔය බටහිරට ඕනෑදේවල් නොකරන කොට විවිධ චෝදනා එනවා.. නමුත් අර ලෝකප්‍රකට මාධ්‍යවේදියා (කශෝගී) මරපු වෙලාවේ ඔය ඇමෙරිකාවම ගලේ පහරපු බලල්ලු ගානට හිටියා..!