IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශල්‍ය වෛද්‍යවරියන් කරන සැත්කම්වල සංකූලතා අඩුයිලු?

(විමුක්ති එස් රුද්‍රිගු)

ශල්‍ය වෛද්‍යවරුන් සිදු කරන ශල්‍යකර්මවලට වඩා ශල්‍ය වෛද්‍යවරියන් සිදු කරන ශල්‍යකර්මවලදී රෝගීන්ට දීර්ඝ කාලීන සංකූලතා වලට මුහුණ දීමේ අවස්ථා අවම බව අධ්‍යනයකින් හෙළි වී තිබේ.

ශල්‍ය වෛද්‍යවරියක් ශල්‍යකර්මයක් සිදුකිරීමෙන් පසුව දින 90 ක හෝ අවුරුද්දක කාල සීමාව ඇතුලත එම ශල්‍යකර්මයට භාජනය වූ රෝගියා නැවත රෝහල්ගත කිරීමට සිදුවන අවස්ථා, සංකූලතා ඇති වන අවස්ථා සහ මරණයට මුහුණ දීමට සිදුවන අවස්ථා පිරිමි ශල්‍ය වෛද්‍යවරුන් ඊට සමාන රෝගීන්ට  සිදුකළ ශල්‍යකර්මවලට සාපේක්ෂව අවම බව එම අධ්‍යයනයෙන් හෙළි වී ඇත.

එක් අධ්‍යනයක් සඳහා 2007 වසරේ සිට 2019 වසර දක්වා හදිසි සහ සාමාන්‍ය ශල්‍යකර්මවලට මුහුණ දුන් රෝගීන් මිලියනයකගේ වාර්තා අධ්‍යනය කර තිබේ එහිදී ශල්‍ය වෛද්‍යවරුන් රෝගීන් 1,014,657 කට ශල්‍යකර්ම සිදුකර ඇති අතර ශල්‍ය වෛද්‍යවරියන් රෝගීන් 151,054 කට ශල්‍යකර්ම සිදුකර ඇත.

ශල්‍ය වෛද්‍යවරුන් සිදුකළ ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන්ගෙන් සියයට 14 කට සංකූලතා ඇති වීම හේතුවෙන් ශල්‍ය කර්මය සිදු කර දින 90 කට පසුවත් ප්‍රතිකාර අවශ්‍ය වී තිබෙන බවත් ශල්‍ය වෛද්‍යවරියන් සිදුකළ ශල්‍යකර්මවලදී එම ප්‍රතිශතය සියයට 12.5 දක්වා අඩු වී තිබෙන බවත් එම අධ්‍යනයෙන් හෙළි වී තිබේ.

පිරිමි ශල්‍ය වෛද්‍යවරුන් සිදුකළ ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන්ගෙන් සියයට 25 ශල්‍යකර්මය සිදු කර අවුරුද්දක කාලයෙන් පසුවත් ඇති වූ සංකූලත හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට සිදුව ඇති බවත් කාන්තා ශල්‍ය වෛද්‍යවරියන්  සිදුකළ ශල්‍යකර්මවලදී එම ප්‍රතිශතය සියයට 20 දක්වා අඩු වී තිබෙන බවත් එම අධ්‍යනයේ සඳහන් වී ඇත.

මෙම අධ්‍යනය සඳහා ශල්‍ය වෛද්‍යවරියන් 700 ක් සහ ශල්‍ය වෛද්‍යවරුන් 2306 යොදා ගෙන තිබේ.



අදහස් (6)

ශල්‍ය වෛද්‍යවරියන් කරන සැත්කම්වල සංකූලතා අඩුයිලු?

Anonymous Friday, 01 September 2023 07:35 PM

එහෙනම් වර්ෂ දහස් ගණන් පුරුෂ වෛද්‍යවරුන්ගේ වැඩ තේරුමක් නැති වැඩද? මේවා Feminist ස්ත්‍රී වාදීන්ගේ බොරු කථා. මේවාට නොරැවටෙන්න.

:       5       7

Demi Friday, 01 September 2023 07:36 PM

හැමෝම දන්නවා ගෑනු නිතරම බොරු කියනවා කියලා...!

:       7       5

Tesh Friday, 01 September 2023 07:39 PM

මොන බොරුද මේ කියන්නේ? කාවද රවට්ටන්න ඕනෑ?

:       5       7

Lankonie Friday, 01 September 2023 07:40 PM

හරි අපි රැවටුණා. අපි හරි මෝඩයි. බායි...!

:       2       6

Wimalasiri Friday, 01 September 2023 07:44 PM

අපිට නම් වෛද්‍යවරුන්ගෙන් කිසිම වරදක් වෙලා නැහැ...

:       2       6

Samantha Eanasinghe Friday, 01 September 2023 08:50 PM

දැන් දොස්තරලා රට අත්හැරලා යන විධියට කවුරු වුනත් ඔපරේෂන් කළාට කමක් නෑ..!

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site