(අංජුල මහික වීරරත්න)
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී ඇමති මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිරීමට අද(24) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ සවස පැවැත්විණි.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන එම කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදහස් හුවමාරු වූ අතර එම තීන්දුවේ නීති ගැටලු රැසක් පවතින බව කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ විය.
එම තත්ත්වය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පවතින නීතිමය ගැටලු ගැන අමාත්‍ය මණ්ඩල ප්‍රතිචාරය දැක්වීම ගැඹුරු ලෙස කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව ඉදිරි දින දෙක තුළදී ප්‍රකාශයට පත් කිරීමටද තීරණය කෙරුණු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පොලිස්පති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අමාත්‍ය මණ්ඩලය වෙත ලැබුණේ අද පස්වරුවේ බැවින් ඊට අදාළ නීති ගැටලු සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයක් කිරීමට කාලය අවශ්‍ය බව අමාත්‍ය මණ්ඩලයේ මතය විනැයිද කැබිනට් ප්‍රකාශකවරයා කීය.
ඒ අනුව මීට අදාළ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිචාරය ඉදිරි දින දෙක තුළ ප්‍රකාශ කිරීම වඩාත් සුදුසු බව අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික තීරණය වූ බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන කැබිනට් මණ්ඩලයෙන් ප්‍රකාශයක්
රංබොඩ Wednesday, 24 July 2024 07:20 PM
රටේ ආරක්ෂාවට සහ පවතින වැරදි ක්‍රියා මර්දන ක්‍රියාවලියට දැඩි සේ බලපෑමක් එල්ල කළ මේ තීරණය නීතිමය වශයෙන් දෝෂ සහගත නම් තීරණය ගත් අය දඬුවම ට යටත් විය යුතුයි .එවැනි දේකට උසාවි ගිය සුඳු ඇඳගත් කළු හාදයින්ටත් දඬුවම් ලැබිය යුතුයි
පිටරැටියා Wednesday, 24 July 2024 10:30 PM
රු.2500 කින් මාසයක් ජීවත් වෙන්ඩ පුලුවන් කියාපු ආර්ථික ඔස්තාර් ,කියන දේවල් දැන් කවුරුවත් විස්වාස කරන එකක් නැහැ .ඔය ඉන්න ඇමැතිවරුන් ගේ සුදුසුකම් ගැනත් අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
chamara Thursday, 25 July 2024 02:42 AM
උසාවියේ තීන්දු වලට අත ඉස්සුවොත් ඇමතිලා වෙලා උන්නා කියලා නැහැ .එන ආණ්ඩුව යටතේ හිරබත් කන්න තමයි වෙන්නේ . රනිල් රට යයි .මෝඩ රැල කොටුවෙයි
සුපුන් චාමර Thursday, 25 July 2024 08:21 AM
ලොකු ටෝක් දුන්නාට වැඩක් නෑ. මොකද ඇමැතිලාට මොලයක් නෑනේ.
Bunny Preena Thursday, 25 July 2024 09:30 AM
ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ තීන්දුව දුන්නු විනිශ්‍ය මණ්ඩලය නීතිය ගැන මුකුත් දන්නේ නැති තොත්ත බබාලා කියලාද .කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බැහැ
R.T.sarath Thursday, 25 July 2024 10:46 AM
කරුණාකර ඔය අධිකරණ තීන්දුවට හිස නමල වෙන කෙනෙක් පත්කරගන්න , බොරුවට කැබිනට් මණ්ඩලේ රැස්වීම තබමින් පාර්ලිමේන්තුවේ වාද විවාද කරමින් ජනතා මුදල් කෝටි ගණන නාස්ති කරන්න එපා , මිනිස්සු පාස්පෝර්ට් පෝලිම්වල දුක් විදිනවා ටිරාන් අලස් කොමිස් ගහන්න අලුත් පාස්පෝර්ට් එකක් විදේශ සමාගමකට කියල නිර්මාණය කරන්න හදන නිසා , රියදුරු බලපත් නිකුත් කිරීමේදීත් විශාල පෝලිම් , දූෂණ වංචා තිබෙනවා කරුණාකර එවැනි ප්‍රශ්නයක් නිරාකරණය කරගන්න ඔය කාලය වැය කරන්න
Rata Perata Thursday, 25 July 2024 11:46 AM
විමල් වීරවංශ නඩු අහලා අගවිනිසුරු ගෙදර යවපු රටක් මේක.රනිල් මේ හදන්නේ ආයෙත් අපේ රට ඒ වනචාරී යුගයට ගෙනියන්න .ජනතාව මතක තියාගන්න .මේ විකාර වලට සම්බන්ධ එකෙක්ටවත් චන්දෙ දෙන්න එපා
සුපුන් චාමර Thursday, 25 July 2024 12:08 PM
මේකේ ප්‍රතිචාර වලට එකවරම අන්ලයික් අසීමිත ලෙස වැඩි වී ඇති බව පේනවද. සල්ලි වලට තමන්ගේ ගෑනු අම්මා තාත්තා උනත් දෙන්න පුලුවන් කියල තේරෙනවා නේද. සීයාගේ මඩ බලකායේ වැඩ
Athula Thursday, 25 July 2024 01:01 PM
ඒ කියන්නේ උඹලා අධිකරණයට යටත් නැහැ කියලද..? එහෙනම් ඉතින් ජනතාව පාරට ආහම බලාගමු.. මට හිතෙන්නේ උඹලා යන්න හදන්නේ කනත්තට.. කවුද යකෝ ඔය කැබිනට් එක ප්‍රසන්නයද.. විජේදාසයද.., පල් හොරු උඹලා හිතන් ඉන්නේ තුවක්කුවෙන් සේරම පාලනය කරන්න ද ..? කරලා බලමුකෝ රටම පාරට වරෙල්ලා කියලා කියන්න ඉඩ තියන්න එපා. රනිලෝ..
Manjula Thursday, 25 July 2024 01:22 PM
Reaction වලින් පේනවා ජන්දයේ ප්‍රතිඵල.
ගමේ එකාලා Thursday, 25 July 2024 02:10 PM
පාර්ලිමේන්තුවේ වැඩි හරියක් ඉන්නේ කිසිම උගත් කමක් සුදුසුකමක් චාරයක් නැති ,මාල හොරු,,කුඩු කාරයෝ,හොර පෙරකදෝරුවෝ ස්‍ත්‍ර්‍රි දූෂකයෝ,,කප්පම්කාරයෝ,බලලෝබී බඩගෝස්තරවාදී කාලකන්නි දුශිත දේසපාලුවෝ .,රු.2500කින් මාසයක් ජීවත් වෙන්ඩ පූලුවන් කියපු ආර්තික ඔස්තාර්ල මොනවද දන්නේ මහාපරිමාණ හොරකම් වංචා දූෂණ නාස්තිය මිසක් ?
Chandima Thursday, 25 July 2024 03:21 PM
රටේ නීතියට ගරු නොකරන ඒකාධිපති ජනාධිපති කෙනෙක් සහ ශ්‍රේෂ්ඨාධිකරණය අබිමවා යන කැබිනට්ටුවක් රටට අවශ්‍යද ?ඔබට අවශ්‍ය නීතිය අබිමවා යන පාලකයෙක්ද ?
පිටරැටියා Thursday, 25 July 2024 03:28 PM
ගැඹුරින් අධ්‍යයනය කරන්ඩ තරම් උගත්, බුද්ධිමත් විෂය දැනුම ගැන මනා අවබෝධයක් ඇති අය පාර්ලිමේන්තුවේ ඉන්නවද?
Nishan Friday, 26 July 2024 03:26 AM
මෙතන කොමන්ට්ස් දාපු බහුතරයක් ජෙවිපි මැට්ටෝ දන්නේ නෑ ව්‍යාවස්ථාදායකය සහ අධිකරණය කියන්නේ එකිනෙකට ස්වාධීන ආයතන දෙකක් බවත් ව්‍යාවස්ථාදායකය, අධිකරණ තීන්දු පිලිගන්න බැඳිලා නෑ කියන එකත්.